September 30, 2010

හිටපු ගමන් හිතුන ගමන් ‍‍‍‍| අහස් තටාකයේ සිට අයිස්ක්‍රීම් කෑම.

අහලා තියෙනවද වළාකුළු වලින් වැහිච්ච උස් කඳු මුදුන් වල තියෙන ජේඩ් අධිරාජ්‍යයාගේ උයන් ගැන. (චීන සුරංගනා කතන්දර වල) මට හිතුනෙම මම ඇවිත් ඉන්නේ ඒ වගේ තැනකට කියලා.  පළාතම මීදුමෙන් වැහිලා.. කිසිම සද්දයක් නෑ. කුරුල්ලන්ගේ සද්දේ විතරමයි. බලෙන් වගේ යුනිෆෝම් එක අන්දලා හිටපු වයසක සික්‍යුරිටි අංකල් කෙනෙක් ඇවිත් අපිව පඩිපෙල් පේලියක් දිගේ ඒ සොඳුරු නැවතුම් පළට කැඳවාගෙන ගියා. බැලූ බැල්මට ඒ නැවතුම් පළ ගොඩාක් පුංචි වගේ. ඒත් වත්ත ගොඩාක් පුළුල්. උදේටත් නොකා හිටපු නිසා පරිසරයේ සුන්දරත්වය විඳින්න මගේ පුරු පුරු ගාන බඩගෙඩිය නම් ඉඩ දුන්නේම නෑ. ඒ හින්දා ඉක්මනට දවල් කෑම ලෑස්ති කරන්න කියලා අපේ ගමන් මල්ලත් උස්සගෙ අපි අවට ඇවිදින්න ගියා.. දෙවියනේ ඒ පරිසරයේ ලස්සන.. මම ටිකක් හුස්ම ගන්න අමතක වෙලා වගේ බලන් හිටියා කිව්වොත් නිවැරදි. කොතනටද අපි යන්නේ කියලා තීරණයක් ගන්න බැරුව ඉද්දි මම දැක්කා නිල් කැටේට වතුර පිරිච්ච මේ පූල් එක.

My pix1330

My pix1327

උඩ තියෙන පින්තූරේ ඈතින් පේන ගහ යට තියෙන තැන තමයි අපි තෝරාගත්තේ පොත් කියවන්න. එතනම තියෙන පඩි පෙළෙන් බැහැලා තමයි අපි මෙතනට ආවේ. ඔන්න ඒ පඩි පෙළ පාමුල ඉඳලා එපඒ සොඳුරු නැවතුම් පල පේන හැටි.

My pix1345

ඔන්න අපි හිටපු තැනට පේන කවත් අපූරු සුන්දර දසුන් කිහිපයක්..

My pix1340

My pix1342 

My pix1351 

My pix1353

My pix1343

තව ලස්සන තැන් තිබුනත් හුස්ම ගන්නත් අමතක වෙලා හිටපු මට ෆොටෝ ගන්න මතක් කරෙත් අසරුවා නොහොත් කුෂාන් අයියා. මේ මම ඉන්න තැනට පහළින් තියෙනවා ඊගල් නෙස්ට් කියලා තවත් තැනක්. මේ නැවතුමේම තවත් කොටසක්. අවාසනාවකට මට ඒකේ ෆොටෝ ගන්න බැරි උනා.

My pix1337

My pix1339

හෑ…හ්! මේ මම නම් පොටෝ ගැහුවේ කවුද?

ඇත්තටම මේ පරිසරේ උපරිමෙන්ම රසවිඳින්න නම් අපි හිටපු පැය දෙක තුන හොඳටෝම මදි. අපිට බලන්න පුළුවන් උනේ මේ පූල් එක ළඟ විතරයි. අපි බැහැලා ආපු පඩි පෙළින් උඩට ගියාම තවත් ලස්සන තැන් තියෙනවා කියලා කිව්වේ මේ නැවතුම් පලේ මැනේජර් අංකල්. ආයෙක් දවසක මෙහේ එන්න අපි දෙන්න කතා උනේ ඒ නිසා. නගරාසන්නයේ තියෙන තදබදයෙන් මිදිලා කාත් කවුරුත් නැති කුරුල්ලන්ගෙයි වතුර සද්දෙයි විතරක් ඇහෙන මීදුමෙන් වට වෙච්චි මේ සීතල කඳු මුඳුනට කවුද අකමැති. මම නිකමට ඇස් දෙක පියාගෙන අහගෙන හිටියා. වෙනදට කනට හුරුපුරුදු ශබ්ද කිසිවක් නැතිව හුළගේ ශබ්දය විතරක් අහගෙන ඉන්න එක කොච්චර ලස්සන අත්දැකීමක්ද දන්නවද? පුංචිම පුංචි වේලිච්ච කොළයක් බිමට වැටුනත් ඇහෙන ගානට පරිසරය නිශ්ශබ්දයි. ලෙක්චරින් වැඩේ දමලා ගහලා world’s end lodge එකේ පිඟන් හෝදන්න ආවත් සැපයි කියලා මට හිතුනා. අනේ මන්දා. මට ඒ වෙලේ හැඟිච්ච දැනිච්ච දේවල් කියන්න මම දක්ෂ නැහැ. මගේ වචනත් දක්ෂ නැහැ. මගේ Nokia Xpress Music 5130 ජංගම දුරකතන කැමරාවත් දක්ෂ නැහැ. තනියම ඇවිල්ලා පොතක් කියවන්න. පවුල් පිටින් ඇවිල්ලා කන්දක් මුදුනේ තියෙන ස්වාභාවික වතුර පිරුණ පූල් එකක සීතලේ ගැහි ගැහී නාන්න, හිරිඟඬු පිපෙන මීදුමේ ඉඳන් උණුසුම් කෝපි කෝප්පයක් බොන්න, තමන්ගේ ආදරේ එක්ක ඇවිත් උරහිසේ ඔළුව තියාගෙන ඔහේ වළාකුළු වලට උඩින් තියෙන කඳු මුඳුන් දිහා බලාගෙන නිදහසේ ඉන්න කැමති ඕනෑම කෙනෙකුට මෙතන පාරාදීසයික්. මාත් එක්ක ගිය එක්කෙනෙක් කියනවා “අනේ මන්දා ෆා මට නම් සැහැල්ලු(relax) වැඩියි වගේ” ඇත්තටම මටත් හිතුවේ එහෙමමයි. මම ඇවිදිනවා වගේ නෙමේ පාවෙනවා කියලයි හිතුනේ. ඔන්න ඒ හැමදේම බලලා අපි දෙන්න අර කලින් කියාපු තැනට ගියා පොත් කියවන්න. මොන පොත් ද? මට නම් ටිකෙන් ටිකට ඔළුව ඉස්සිලා වටපිටාව බලන එක නවත්තන්නම බැරි උනා.

My pix1344

My pix1332

ඔහොම පොත් කියවන්න ගත්තාට පස්සේ ඔන්න කීකරු සූටි කොලු පොඩ්ඩෙක් ඇවිත් කෑම ලෑස්තියි කියලා අපට නිවේදනය කරා. සීතලේ බඩගින්නේ හිටපු අපි දෙන්න හොඳ කෑම වේලකිනුත් සප්පායම් වෙලා ආයෙත් අර ගහ යටට ගියා. කරුමෙක මහත කියන්නේ එදා ඩෙසර්ට් වලට තබුනේ අයිස්ක්‍රීම්. සීතල මදිවට අයිස්ක්‍රීම් කප් දෙකටත් අපි වගකිව්වා බෑ නොකියා.

ඔහොම ඉද්දි ආවේ නැතෑ බස් එකකින් ආපු 20ක විතර සෙනඟක්. හෙන පොෂ් ඈ.. ආවේ කොළඹින් ලු.  පූල් එක ඩර්ටි ලු. රෑෂස් හැදෙයි කියලත් කිව්වා. පව් අනේ.. ඒත් එක්කම එතන හිටපු ගෑණු ළමයෙක් කන්ද දිහාට හැරිලා හයියෙන් “හෙලෝ..ව්” කිව්වා. එතකොටම ඒ සද්දේ දෙතුන් පාරක්ම කඳු අතර දෝංකාරය දුන්න හැටි මට තාමත් ඇහෙනවා වගේ…..

ඉතින් ඔය සෙනඟ ඇවිත් අර තිබුන නිහැඬියාව නැති කරලා දැමීම නිසා අපි තීරණය කලා තවත් දවසක පූල් එකට බහින්නත් එක්ක ලෑස්ති වෙලා ආයෙත් එමුයි කියලා මේ ගමන ඉවර කරන්න.. ඔන්න ඔහොමයි විස්තරේ.. කලින් පරිසරයේ ටයිට්ල් එකේ කියවෙන තරම් කැලෑ පරිසරයක් මෙතන නැති බව නම් ආයෙත් මතක් කරන්න ඕන. මෙන්න අන්තිමට අපි නැවත යන්න ඕන පාර කඳුමුඳුනට පේන හැටි.

My pix1358

වැඩි පුර පින්තූර බලනවා නම් යන්න මූණු පොතට..

මේ තැන ගැන අහසේ සිට බලනවා නම් මෙන්න තැන..

පුළුවන් දවසක ඔබත් අනිවාර්යෙන් ඇවිත් යන්න. The World’s End Lodge එකට දෙන මාකටින් පාරක් නොවුනට මෙය පරිසරයට ආදරය කරන්නන්ට කෙරෙන් සුහද වූ ආරාධනාවක්. බරවාහන නැතුව වෑන් එකකින් වගේ නම් මෙතනට පහසුවෙන්ම එන්න පුළුවන්..

ඉතින් අදට ඇතිය .තවත් මෙවැනිම චාරිකාවක් ගැන විස්තර අරන් නැවත එනතුරු අදට ඔබෙන් සමුගන්නා මම ෆා…………!!

23 comments:

පුතා said...

මේ පාර වැකේෂන් ගියාමත් බදුලු බන්ඩාරවෙල යන්ට හිතන් හිටියේ.. ඒත් බැරි වුනා.. ඊ ලඟ පාරනම් අනිවා ඉස්සෙල්ලාම කරන්නේ බදුලු යන එක... වචන දක්ෂ නෑ කිව්වට ඔය තියෙන්නේ නියමෙට...කියවද්දිත් සීතල ඇඟට දැනෙනවා වගෙ... තැන්කූ ඈ..

Unknown said...

මේක කියවද්දිත් ආසයි! ෆා ටත් නියම අසරුවෙක් ලැඉුන හින්දා හොදට ගියා. නැද්ද?

Unknown said...

to do ලිස්ට් එකට තවත් පේලියක් එකතු වුනා. ;)

Bunny said...

ඔතන්ට යන පාර ගැනත් ඔත්තුවක් දුන්නොත් මොකද ?

දුමී said...

නියමයි ෆා. නියම සංචාරක සටහනක්. මේක දැක්කම මට දැන්මම යන්න හිතුනා. ඒත් බැහැනේ. තව අවුරුද්දක් වත් යයි ආපහු නිවාඩු එන්න. පුළුවන් නං වෙබ් සයිට් එකක් එහෙම තියෙනවනන් එහම පොඩ්ඩක් ලින්ක් එක කාරිය දානවද තරහ නැතිව.

හසී said...

ෂා මරු දවසක යන්න ඕන....

priyantha said...

හ්ම්...
යන විධියත් කිව්වනම් දවසක යන්න

LishWish said...

ඔන්න වටින වැඩ..! මේවගේ තැං වලට ගියාම පොටෝ එක්ක මේවගේ ලියමන් දාන එක යුතුකං තමා..! මරු තැන බ්ලොගියා.., කොහොමද මිල ගණන් එහෙම..?

malee_msg said...

මෙහෙම එව්වා දැක්කම ඊරිසියයි බොලව්...!!!
මොනා උනත් මේ ලංකාවමද කියලා හිතෙනවා..
ලස්සන ෆොටෝ ටික...!! තෑන්ක්ස් ජෝඩුවටම..!!!

වන්නි said...

@ප්ලේස් එක ගැන විස්තර අහපු හැමෝටම.--

කොළඹ ඉඳන් පැය 4ක්න් විතර එන්න පුළුවන්. අවිස්සාවේල්ල, රත්නපුර, බලංගොඩ, ‍බෙලිහුල්ඔය, කළුපහන.... අන්න එතන තමා ප්ලේස් එක. එතන තියෙනවා වල්හපුතැන්න ඉස්කෝලේ. එතනින් උඩට කන්දේ කිලෝමීටර් 5ක් 6ක් යනකොට ඔය කියපු තැනට යන්න පුළුවන්. රෝසා බස් එකක් නම් අමාරුයි. වෑන් එකක් නම් කේස් එකක් නෑ. ඒ පාර ඉවර වෙන්නේ නවාතැනෙන් නිසා වැරදෙන්නෙත් නෑ. හැබැයි එක තැනකින් විතරක් හැරෙන්න ඕන. නැත්නම් බඹරකන්ද දිය ඇල්ලට තමා යැවෙන්නේ. පාර හොයාගන්න අමාරු නෑ. හරිම ලේසියි.කෑම නම් එක්කෙනක්ට රුපියල් 575ක් වුනා. නවතින්න නම් කලින් බුක් කරන්න ඕන. ගනං නං මොනාද ගොඩාක් කිව්වා. පැකේජ් ගොඩක් තියෙනවාලු. මෙන්න නම්බර් එක 0575676977. මෙන්න බෙව් සයිට් එක. http://www.lankahotel.com/ මිස්ටර් පෙරේරා තමයි මැනේජර්. හැබැයි එයා හැම වෙලාවෙම එතන නෑ... ලොකු සෙනගක් (ලොකු කිව්වේ 15ක් 20ක්) එහෙම එක පාර ලොජ් එක බුක් කරොත් විතරක් එයා කොළඹ ඉඳන් එනවා....

තව විස්තර මොනාහරි ඕනනම් අහන්න....

ජය වේවා...

චමිදේවා said...

පරිසරයේ සුන්දරත්වය විඳින්න යායුතුම තැනක් වාගෙයි...

Naදී said...

ඈ බං උඹලා ඩබල දුන්නොත් රජ ගේමක් තමයි. අපිට කොහෙද අස්පයෝ කිව්වලු. මම නම් හිත පුරා විඳ ගත්තා උඹලගේ ගමනේ තොරතුරු. අර සෙං ගෙඩි දැන් සනීපද? අහස් තටාකේ සිට අයිස් ක්‍රීම් වැළඳීමේ ප්‍රතිඵල???

Teena said...

@පුතා
අනිවා එන්න ඕනම තැනක් තමයි මේ.. කඳුකරයේ ඉඳලත් තාම අපි නොගිය නොදැකපු තැන් කොච්චර තියෙනවද? ඒ නිසා බදුල්ල මිස් කරන්න එපා අනික් සැරේ..

@Lakkana
ඒක හැබෑව... අසරුවා නැත්නම් මට ලොවෙත් මේ වගේ තැන් වලට එන්න වෙන්නෑ...

@änthräX
to do නෙමේ Must ලිස්ට් එකට දාගන්නෝ...

@Bunny
ඔන්න උත්තරේ පහළ කමෙන්ට් එකක තියෙනවා..

@දුමී
හයියෝ මොකට තරහවෙනවද දුමී අයියා?? කුෂාන් අයියගේ කමෙන්ට් එකම සෑහේවි කියලා හිතනවා.. මෙන්න තවත් සයිට් එකක් එහෙනම් ලබන පාර වැකේෂන් එකට ෂුවර් හොඳේ..

@හසී
අනිවාර්යෙන් එන්නම ඕන තැනක්

@priyantha.ඒබී
අන්න හොඳ විස්තරයක් තියෙනවා පහළ. බැලුවනම්.. හිහි

@LishWish
ස්තූතියි!! ඔන්න ලිෂාටත් අවශ්‍ය විස්තර පහළ තියෙනවා..

@malee_msg
ඉරිසියා හිතිලා හරි මේ පැත්තට එයි කියලනේ බොලව් මේවා දාන්නේ..
මාර සිද්ධි ලංකාවේ වෙන්නේ.. මාර තැන් ලංකාවේ තියෙන්නේ.. හිහිහි

@කුෂාන්
තැන්කූ වේවා..

@චමිදේවා
අනිවාර්යෙන්ම එය එසේමයි..

Teena said...

@Naදී
අස්පයෝ මොකටද කැන්ගරුවෙක් ඉද්දි හිහි දැන් ටිකක් හොඳා හිහි..

Jay said...

Wow..!! Superb..!!!!

Buddhi said...

Lakkana කියන්න​නෙ මම ඇ ඒදා නම ටැපලිලා

පසන් Sid said...

මේක දැක්කමත් සීතලයි වගේ...... hehe අපිට ඉතින් කවදා ඔය වගේ ලස්සන තැන් වලට යන්න ලැබෙයිද මන්දා ?? ආයෙත් යනවනම් කියන්න අපිත් එන්නම් :)

nadeesha said...

මාරයි..

NUWAN said...

අම්මෝ මේවා දෑක්කාම ඈග නලියනවා වගේ ඈත්තටම පුදුම ලස්සනක්. ඒවගේම රසවත් ප්‍රයෝජනවත් සටහනක්

Buru Babe said...

superb....

duliponline said...

මට පුලුවංකමක් තියනවනම් . . . . කවදා හරි මගෙ මිනිය මිහිදන් කරන්න ‍තෝරගන්න තැන තමයි හෝර්ටන් තැන්න (මහ එලිය). මම හිතන්නෙ මගෙ ජීවිතේ සුන්දරම අත්දැකීම තමා කැම්පස් යනකාලෙ හැම දෙසැම්බර් මාසෙකම හෝර්ටන් තැන්නෙ ගහපු කෑම්ප් එක.
නුවරට පැනි හඳේ ගිය මම ආපහු පිලියන්දලට ආවෙ නුවර එලියෙං තැන්නට නැගල බොරලන්ද හරහා (එක දිගට පැය 14ක් වාහනේ එලවන්න උනා තැන්න මැද්දෙං යන්න තිබුනු අමාරුව නිසා)

ආගන්තුකයා said...

අක්කා කියන්නට වචන නෑ......ඔයාල හරිම වාසනවන්තයි ඔය වගේ සුන්දර පරිසරයක ඉපදිච්ච එක..... මමත් අනිවර්යෙන්ම යන්න ඕන... කවුරුවත් නැතත් බස් එකේ ගිහින් තනියම හරි යනවා....සුන්දර කඳුකරේ තවත් තැන් ගැන දැන ගන්න ආසයි....

සරත් ලංකාප්‍රිය said...

යන්නම් ඕන
ඉන්නම ඕන
මෙතන නම්..
කෝ ඉතින්
ඉවසපන් හදවත
දෙසැම්බර්
වෙනකන්
එතකොට
නිවාඩුව එයි..