හුස්මක් වෙලා නුඹේ
හදවතට රිංගන්න
පවන් රැල්ලක් වෙලා
ඉන්නද මං........
හීනයක් වෙලා නුඹේ
නිදි ලොවේ රජවෙන්න
මතකයක් වෙලා නුඹේ
ඉන්නද මං......
වෙරලේ ඇඳි නුඹේ
පා ලකුණු සිපගන්න
රුල්ලක් වෙලා වත්
ඉන්නද මං...
වචනයක් නොදොඩනා
නුඹේ ඔය නිහඬ බව
තවත් දරාගෙන ඉන්නේ
කොහොමද මං....
මං ගැන
සිතුවිලි ගොනු
- ආදරය (1)
- කට කහනවට (2)
- ක්ෂනික සිතුවිලි (2)
- මහගෙදර (1)
- සිතුවිලි (5)
- සින්දු (1)
- සෙනෙහස (1)
- හිතේ අමාරුවට (2)

7 comments:
හොඳ ගල් සින්දු ටිකක් හොයාගෙන අහන්න... එන කට්ටිය ඉඳල ඉඳල අමාරු වුණාම එයි... :D
සුපිරි..!
නිහඬ බව නම් දරන්න අමාරුම දෙයක් තමා.
සිනහසුනු මා හද,
නිහඬ කලේ ඔබමය,
ඉදින්,
සවන් දෙනු මැන,
මේ නිහඬබව බිඳිනු වස්,
කාලය එලඹ ඇත්දැයි,
තවම මම ද නොදනිමි,
සොඳුරිය,
මේ නිහඬ බව බිඳින්න
තව මොනවා හරි කියන්න.....
ඒත් මචෝ වෙලාවකට සීයක් දේවල් කියනවට වඩා නිහඬව බලා ගෙන ඉන්න එකෙත් ගතියක් තියනවා.
ලස්සනයි........
ලං වුණු දේවල් නිහඩ වුනාම, ලොකු තනි කමක් පාලුවක්..
Post a Comment