September 8, 2010

wind chime

chimes_of_athena_black[1]
හිමින් සැරේ හමන හුළං පොදකටයි පුංචි ලෝහ බට කෑලි ටිකකටයි කොච්චර ලොකු මැජික් එකක් කරන්න පුළුවන්ද කියලා කවුරු හරි දන්නවද?… මං දැනං හිටියා. දැන් මං ඒ මැජික් එක අත්විඳිනවා. මේ මං මගේ කාමරේට එකතු කරගත්ත අළුත්ම ගැජට් එක.. හ්ම් එයාව හඳුන්වන්න ගැජට් කියන වචනේ කැතයි වගේ…


මට මෙයාව හොයගන්න ලොකු උවමනාවක් කාලාන්තරයක් තිස්සේ තිබුනත් මෙයාට කියන නම දන්නැති නිසා ඒ වැඩේ කල්ගයා. ඒත් හදිසියේම මායි මං වැඩ කරන තැන මගේ යාළුවෙකුයි අහම්බෙන් අපේ ඔෆිස් එක ගාවම අළුතෙන් ආරම්භ කරපු විසිතුරු බඩු වෙළඳ සැළකට ගියේ මොනා හරි මිළදී ගන්න අරමුණක් ඇතුව නෙවෙයි.. නිකන් කාලේ කන්න. එතනදි මං දැක්කා මං මෙච්චර කාලයක් හොයපු පුංචි යාළුවාව. ඉතින් දෙපාරක් හිතුවේ නෑ. මම එයාව මං සතු කරගත්තා. ඊට පස්සේ තමා දැන ගත්තේ මෙයා ‍ෆෙං ෂුයි සංකේතයක් කියලා.. ඒ ෂොප් එකේ හිටපු හාදයා අපිට උපදෙස් දුන්නා මේකෙන් වෙන සෙතේ මොකද්ද ගෙදර ඇතුලේ මොන දිශාවෙද මෙයාව එල්ලන්න ඕන ඔය වගේ කතා ගොඩාක්.. ඒවල ඇත්ත නැත්ත නම් මං දන්නෑ.. මට ඕන මෙයාව විතරයි..


ගෙදර ආපු ගමන් මං බැලුවේ මගේ පුංචි යාළුවාව තියන්න තැනක්. අන්තිමට මම තීරණය කලා මගේ කාමරේ ජනේලෙන් පිට පැත්තට මෙයාව එල්ලන්න.. දැන් එයා උදේ දවල් රෑ වෙනසක් නැතුව මගේ කාමරේ ජනේලෙට පිට පැත්තේ ඉඳන් එයාගේ ලස්සන මැජිකල් සවුන්ඩ් එකෙන් මගේ හිත නිවනවා………. !

6 comments:

Naදී said...

ඔය වින්ඩ් චයිම් එකට භූතයෝ කැමති නැතිලු. ඒක හෙලවෙන්නේ භූතයෝ ඒකේ වැදිලා යනකොටලු. භූ.....භූ......

චමිදේවා said...

ඕකේ සද්දෙත් අපිට අහන්න සැලැස්සුවනම් තමා ඕන් මරු....

පසන් Sid said...

අපේ පුන්චිලගේ ගෙදරත් ඕකක් තිබ්බා.. මාත් නිකම් ඉන්න වෙලාවට ගිහින් ඒකෙ ඔලුව වද්ද ගන්නවා.... (හැබැයි මම නම් භූතයෙක් නෙමේ )

Teena said...

Naදී
ඕං කිව්වා මැටි කතාවක්! :) දැන් මට ඕකේ සද්ද ඇහෙන සැරේට මේ භූත කතාව මතක් වෙයි :D

චමිදේවා
ඕං අහ ගන්ටකෝ එහෙනම්!

පසන් Sid
හිහ්! හොඳ විනෝදාංශේ...

malee_msg said...

කලින් කිව්වා නම් අපේ ගෙදරින් ඔයින් එකක් එවනවනේ ඔයාට.. කිව්වට මොකෝ බ්ලොගියෝ අපේ ගෙදර ඔයින් එවා.5ක් විතර තියනවා.. මගේ මොලේ අමාරුවටම ගෙනාපුවා විවිධ වර්ග ‍වල.. එල්ලන්න පැත්තක් නම් දන්නේ නෑ.. ගේ පුරහම තියනවා.. නොදන්න අයට හොරෙන් ගේ පුරහා යන්න බෑ.. හික් හික්..

Teena said...

හප්පට බොල මේ කොමන්ට් මොඩාර්ෂන් කෙරුවාව නිසා මේ කමෙන්ට් දකින කොට එළි වෙලා.. ෂිහ් සොරි වෙන්ට ඕන හො‍ඳේ.. නියමයිනේ.. හුළං එද්දි සද්දේ නියමෙට ඇහෙනවා ඇති නේ.. මාත් තව ටිකක් විතර ලොකු එකක් ගන්නයි හිතන් ඉන්නේ.. හිහි.. ඊට පස්සේ බැරිය තව එකක් ගැන හිතන්න.. හික් හික්!