Showing posts with label හිතේ අමාරුවට. Show all posts
Showing posts with label හිතේ අමාරුවට. Show all posts

February 15, 2011

රිමෝට් කන්ට්‍රෝලර්


මගේ ජීවිත remote කොන්ට්‍රෝලය
කොහිද දෙවියනි දෙන්න එය මට
ඕනෑ කර ඇත නැවත rewind කර
බලන්නට ජීවිතේ ගෙවුනු රස තැන්..
නැතහොත් forward කර නැවතිය හැක
අඳුරු අවිනිශ්චිත අනාගතයට..
හැකිද chapter select කර මට
කැමති chapterය ගෙන Play කරන්න..
නැතිනම් හෙට උදා නොවන්නට
Pause බටනය ඔබා ඉන්නට..
කිසිත් ඕනෑ නොමැත මාහට
සොයා ගතිමි නම් Stop බටනය
ඔබා එකවර, Battery ගලවා
රිමෝටය විසිකරන්නෙමි ඉවතට..

September 6, 2010

මහ ඔලුවන්ට…!

කවදා හරි දවසක, මම එහෙම කරාම
මට මෙහෙම කරන්න බැරි වෙනවාලු..
මං රැහෙන් පිටලු, අයේ වද්ද ගන්නේ නැහැලු..
මලගමකට මඟුළකට මට කියන්නැතිලු..
ඒ ආවත් මාව ගනං ගන්නැතිලු..
අනේ මට මොකෝ.. උඹලා වගේ මහ ඔළුවෝ
මගේ ජීවිතෙන් අයින් වෙන තරමටම මම කැමතියි..
මාව වැදු අම්මගේ මරණයකටවත් මට
අතගහන්න නොදෙන කතාව තමයි මට රිද්දුවේ
තොපි කවුද බොල මට ඒ වගේ නීති දාන්න
මායි අම්මයි බැඳුනේ පෙකෙණි වැලෙන් මිස
උඹලගේ ඔය මහලොකු ජාතියෙන් නොවෙන වග
උඹල වගේ ගොන්තඩියන්ට තේරෙන්නේ නැත්තෙ මොකද
තමන්ගේ ජාතකේ කිළුට්ට වහගන්න
අනුන්ගේ ජාතකේ හොයන්න එන මහ ඔළුවෝ..
කවදා තේරෙයිද උඹලට..
අපි ඔක්කොම මනුස්ස ජාතියේ කියලා..
කවද හරි තේරෙයි හැබැයි කල් යයි..