September 30, 2010

හිටපු ගමන් හිතුන ගමන් ‍‍‍‍| ලෝකාන්තයේ වල් වැදී පොත් කියවීම

සෙනසුරාදා…….. දැන් මම ඇඟිලි ගැන ගැන ඉන්නේ කවදාද සෙනසුරාදා වෙන්නේ කියලා.. ඉතින් එහෙම ඇඟිලි ගැන ගැන හිටපු සෙනසුරාදාවක් තමා ගිය සතියේ උදාඋනේ.. කලින් ප්ලෑන් කරේ නම් එදාට Book Fair එකට එන්න. ඒත් සමහර හේතු නිසා ඒ ගමන යන්නත් බැරි උනා. උදේම අස්සයයි අසරුවයි එන්න පරක්කු උන නිසා මම නම් එදා දවස ගැන බලාපොරොත්තු අතඇරගෙනයි හිටියේ.. ඒත් අන්තිමේදී හැමදාමත් වගේ හිටපු ගමන් හිතුන ගමන් යන අපි දෙන්නා එදත් ලෑස්ති උනේ ඒ වගේ ගමනක් යන්න. යන්නේ කොහෙද නොදැන හිටියත් මං Book Fair එකෙන් ගෙන්න ගත්ත පොත් දෙකකුත් බෑග් එකට ඔබා ගත්තේ  අවස්ථාවක් ලද සැනින් සාහිත්‍ය මාසේ සමරන්න ඕන නිසා. යන්නේ කොහෙද කින්ද මන්ද මොකුත් නාහපු මම අස්සයාගේ පිටිපස්සෙන් වාඩි උනා. ඉතින් ඔහොම ගමන පිටත් උන අපි දෙන්නා වෙනදත් යන පුරුදු පාරක (හපුතලේ පාර) ගමන ආරම්භ කරා. බණ්ඩාරවෙල හපුතලේ බෙරගල හල්දුමුල්ල කළුපහන.. ඔන්න අපේ ගමන් මාර්ගය. ඒ පාරේ බලන්න රසවිඳින්න තිබුන දේවල් නම් අපමණයි. ඒත් හැමදේම මේ පෝස්ට් එකේ දාන්න ගියොත් අද මේක ඉවරයක් වෙන්නෑ.. වචන දාහකින් කියන දේ එක පින්තූරයකින් කියන්න පුළුවන් කියනවා නේ. ඔන්න එහෙනම් මගේ වචන ඉතුරු කරගන්න පින්තූර ටිකක්.
 My pix1312  
My pix1314
My pix1313
My pix1317
My pix1318
My pix1319
අපි හොයාගෙන ගියේ ඉස්කෝලයක්. නම වල්හපුතැන්න මහ විද්‍යාලය. ඒ ඉස්කෝලේ තමා අපේ ලෑන්ඩ් මාර්ක් එක උනේ අපේ ගමනාන්තට ආසන්නයි කියලා දැනගන්න. ඔන්න අපි එතනට ළගා වෙලා වැඩිපුරත් ටිකක් පාරේ පහළට ගියාම සද්දන්තයෙකුට හරිම ඇබැද්ධියක් වෙලා. මේ බලන්නකෝ….
My pix1320
ඒකත් බලාගෙනම ආයේ හරවාගෙන ආපු අපි අස්සයාව ඔන්න අතුරු පාරකට දැම්මා. ඔය අතුරු පාරෙන් තැන් දෙකකට යන්න පුළුවන්. එකක් බඹරකන්ද දිය ඇල්ලට අනික අපේ සොුරු ගමනාන්තය වූ “The World’s End Lodge” වෙතට. ඔය පාරේ ටික දුරක් යන කොට ආයෙත් පාර බෙදෙනවා දෙකකට. එකක් අර මම උඩින් කියපු දියඇල්ලට. අනිත් පාරේ තමා අපි යන්න ඕන. හැබැයි ගිහිල්ලා බහිනකල් වත් මම හිතුවේ නෑ මේ පාර “The World’s End Lodge” වලට යන පාර කියලා. ඒ පාර විහිදුනේ හරියටම පිටිසර ගමකට යන ගුරුපාරක් වගේ. හැම  වංගුවක් හරවද්දිම මට හිතුනේ දැන් පාර ඉවර ඇති කියලා. ඔහොම ලස්සන චූටි ගෙවල් ටිකකුත් පුංචි දිය ඇල්ලකුත් පහුකරගෙන ගිය අපට කන්දකුත් අදින්න සිද්ද උනා..
My pix1321
My pix1322
My pix1323
My pix1325
ඔන්න ඒ කඳු ගැටෙත් නැගලා අවසානයේදි අපි ලඟා උනා අපේ ගමනාන්තය නොහොත් “The World’s End Lodge” වෙතට.
My pix1356
My pix1345
ඊළඟ කොටස අද රෑටම……..!

September 9, 2010

කියන්නට වචන නැත…

මම මේක අද කිව්වට කමක් නෑ කියලයි හිතෙන්නේ ..ඊයේ මගේ උපන් දිනේ ..

හරියටම රෑ දොළහට කිහිප දෙනෙක් කතා කරලා සුභ පැතුවා.. ඊට පස්සේ ලස්සන ඊමේල් කිහිපයකින් සමහරු සුභපතලා තිබුනා.. උදේම මගේ ආදරණීය (නැන්ද)අම්මා‍ගෙන් සුභ පැතුමක්.. SMS වලින් තවත් කිහිප දෙනෙක්.. ඔෆිස් එකට ආවම ආයෙත් සුභ පැතුම්.. ආයෙත් ටිකකින් අම්මයි අයියයි කතා කරලා සුභ පැතුවා . ඉතිං යන්තම් උදේ 10 වෙද්දි මගේ හිත පිරිලා තිබුනේ.. දැන් ඔක්කොම හරි.. මගේ හිත කිව්වා..   ඊට පස්සේ ගූග්ල් Buzz එකට ගියාම එතන කිහිප දෙනෙකුට වැඩේ මාට්ටු වෙලා කියලා මට තේරුනා.. එයාලා කොහොමද දැන ගත්තේ කියන එක මට ප්‍රශ්නයක් වෙලයි තිබුනේ.. ඉතින් ඊයේ දවස ඔහොම ගෙවුනයි කියමුකෝ…

අද උදේ පණිවිඩයක් ආවා වහාම ඊමේල් චෙක් කරන්න කියලා …. බැලින්නම් මෙන්න බොලේ හොඳම උපන්දින තෑග්ග එතන..

ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ‍කාර්ඩ් එක ඊයෙම මට ඩිලිවර් වෙන්න තිබුනට වැඩේ වෙලා නෑ…  ඉතින් ඒක අද උදේ තමා මට ලැබුනේ.. ඒ නිසා මට ඊයේ ඔයාලාගේ කාඩ් එක දකින්න බැරි උනා.. අද උදේ තමයි දැක්කේ..

 email%5B5%5D[1]

ඉතින් මේ සටහන හරිම හදිස්සියේ දාන්නේ මගේ Greeting Card එකේ සයින් කරලා තිබුන හා ඉහත සඳහන් එකේක ක්‍රම වලින් මට සුභ පතපු හැමෝටම කරන ස්තූතියක් විදියට.. ඇත්තටම මගේ මුළු හිතම පිරිලා ගියේ මේ කාර්ඩ් එක දැක්කට පස්සේ…… ඉතින්  යාළුවනේ මගේ උපන්දිනය වෙනුවෙන් ඔයාලගේ කාලයෙන් විනාඩියක් වෙන් කරලා මට සුබ පැතුමක් එක් කරපු ආදරණීය ඔයාලා ඔක්කෝටම  බොහොම  බොහොම ස්තූතියි..

කණිශ්ක , සූ අක්කා, කණියා, රචියා, ලිෂා , ප්‍රියන්ත අයියා, පැංචි, වාසල අයියා, මලි, deeps, මරණේ , තිස්ස අයියා, පහන් , ගෝලයා හෙවත් උමේෂ් , රොයිලි අයියා, Ansh Lucky, බුද්ධික අයියා, හර්ෂන , ගයාන් කණිෂ්ක , ආගන්තුකයා, පුතා, ශාකු මල්ලි, දුකා අයියා, බින්කු මල්ලි, නිශාචරයා, පැන්ඩා , ‍ධනික , බයිස්කෝප් ටීම් එක  එක්ක ඉන්දික සර්, උපුල් සර්, නරේෂ්, ශෂී, කසුන් අයියා, අපේ නගා, කිත්සිරි අයියා, විශ්නි, ශේන් මොර්ටර්ස් සහ හැම සැරේම මේ වගේ සප්‍රයිස් එකක් දෙන මගේ ආද‍රණීය ආදරේට ආයෙමත් ස්තූතියි..  නම නොකියවුන කවුරු හරි ඉන්නවනම් මට සමාවෙන්න..

Thank-You

පැංචි මට වෙලාවට වැඩ කරන පුරුද්ද ඇති කරගන්න ලස්සනම ලස්සන පුංචි අත් ඔරලෝසුවක් තෑගි දුන්නා. ඔයාටත් බොහොම ස්තූතියි පැංචි.. ළඟදීම සර්ප්‍රයිස් එකක් බලා‍පොරොත්තු වන්න…

හදිසියේම ටයිප් කරපු නිසා වැරදි ඇති… සමාවෙන්න ඕන කස්ටියම.

September 8, 2010

wind chime

chimes_of_athena_black[1]
හිමින් සැරේ හමන හුළං පොදකටයි පුංචි ලෝහ බට කෑලි ටිකකටයි කොච්චර ලොකු මැජික් එකක් කරන්න පුළුවන්ද කියලා කවුරු හරි දන්නවද?… මං දැනං හිටියා. දැන් මං ඒ මැජික් එක අත්විඳිනවා. මේ මං මගේ කාමරේට එකතු කරගත්ත අළුත්ම ගැජට් එක.. හ්ම් එයාව හඳුන්වන්න ගැජට් කියන වචනේ කැතයි වගේ…


මට මෙයාව හොයගන්න ලොකු උවමනාවක් කාලාන්තරයක් තිස්සේ තිබුනත් මෙයාට කියන නම දන්නැති නිසා ඒ වැඩේ කල්ගයා. ඒත් හදිසියේම මායි මං වැඩ කරන තැන මගේ යාළුවෙකුයි අහම්බෙන් අපේ ඔෆිස් එක ගාවම අළුතෙන් ආරම්භ කරපු විසිතුරු බඩු වෙළඳ සැළකට ගියේ මොනා හරි මිළදී ගන්න අරමුණක් ඇතුව නෙවෙයි.. නිකන් කාලේ කන්න. එතනදි මං දැක්කා මං මෙච්චර කාලයක් හොයපු පුංචි යාළුවාව. ඉතින් දෙපාරක් හිතුවේ නෑ. මම එයාව මං සතු කරගත්තා. ඊට පස්සේ තමා දැන ගත්තේ මෙයා ‍ෆෙං ෂුයි සංකේතයක් කියලා.. ඒ ෂොප් එකේ හිටපු හාදයා අපිට උපදෙස් දුන්නා මේකෙන් වෙන සෙතේ මොකද්ද ගෙදර ඇතුලේ මොන දිශාවෙද මෙයාව එල්ලන්න ඕන ඔය වගේ කතා ගොඩාක්.. ඒවල ඇත්ත නැත්ත නම් මං දන්නෑ.. මට ඕන මෙයාව විතරයි..


ගෙදර ආපු ගමන් මං බැලුවේ මගේ පුංචි යාළුවාව තියන්න තැනක්. අන්තිමට මම තීරණය කලා මගේ කාමරේ ජනේලෙන් පිට පැත්තට මෙයාව එල්ලන්න.. දැන් එයා උදේ දවල් රෑ වෙනසක් නැතුව මගේ කාමරේ ජනේලෙට පිට පැත්තේ ඉඳන් එයාගේ ලස්සන මැජිකල් සවුන්ඩ් එකෙන් මගේ හිත නිවනවා………. !