July 28, 2010

තේමාවක් නැත -2

කඩදාසිමල

වසන්ත නිම්නයේ
හුදකලාව පිපුණ
වියළි කඩදාසි මල
අහඹුව ඇද හැළුණු
පිනි වර්ෂාවට
තෙත බරිත වී
නව ජීවයක් ලැබ
මන්ද මාරුතයට තම
සුවඳ විඳගන්නට ඉඩදී
යළිත් එයිද ඒ
සීතල පිනි වැස්ස
සිතා සිතා බිමට නැඹුරුවූ
‍හිසෙන්, විකසිතව පොපියයි
ඔබ නම් ඒ පිනි වැස්ස
ගත දැවටී ජීවය ලබන්නට
බලා සිටින කඩදාසි මල
වෙන්නෙමී මම……..

2 comments:

Shadow/හේමලයා said...

වියලි.....
කඩදාසි මලකට
ඉහුනාට...
මල් වැස්සකින්....
දැනේවිද සිහිලස...
බිඳුවක්වත්....
පිපුනාට සුන්දරව...
නෙතු අද්දර...
ජීවනයක් නැති..
ආකර්ෂණයකින්...
කවර නම් ඵලයක්ද....

Teena said...

@Shadow/හේමලයා
වියළි වූවත්
කඩදාසී වූවත්
මමත් මලක් වෙමි
පෙති විහිදා පිපුණ
වෙනත් මල් ලබනා
ඒ සිසිලස මට
අකැප වුනේ ඇයි?
මා ජිවයෙන් තොර
වුයේ මාගේ වරදින්ද?