මේ බ්ලොග් සටහන ලියන්න හිතුනේ මම වැඩට යන්න සාරිය අඳින මොහොතේ.... අල්මාරියෙන් මම ගත්තේ යාර හයක් දිග, මල් මොස්තරයක් ප්රින්ට් කරපු නිල් පාට සිල්ක් රෙද්දක්. විනාඩි දෙක තුනක පියවර කිහිපයකට පස්සේ ඒ යාර හයේ අජීවි වස්තුව මගේ ඇඟ වටේ ලස්සනට එතිලා හිටපු අපූරුව මම කණ්නාඩියෙන් රස වින්දා.........
මං සාරි අඳින හැම මොහොතකම මට මතක් වෙන්නේ මගේ යාළුවෙක්ව. එයා නිලූ.
නිලූ උසයි... තලෙලුයි... කොණ්ඩේ දිගයි.... එයා සාරි ඇඳලා එන දවසට මට හිතෙන්නෙම සාරිය එයාටම නිර්මාණය කරපු ඇඳුමක් කියලා. ඒ තරමටම සාරිය නිලූට ලස්සනයි....(ඒ දවස් වලට අපේ ඔෆිස් එකේ කොල්ලන්ටත් හුස්ම ගන්න අමතක වෙලයි ඉන්නේ) සාරිය ඒ තරම් ලස්සනට පිහිටන ගෑණු ළමයෙක් මම ඊට කලින් දැකලා තිබුනේ නෑ. (හැබැයි මම කවදාවත් ඒ ගැන එයාට කියලා නෑ! දන්නවනේ ඉතිං ගැහැණු ගති....)
ඉතිං මමත් සාරියට ගොඩාක් ඇලුම් කරන්න ගත්තේ ඊට පස්සේ.... නිලූ අඳින හැම සාරියකටම ඒ සාරියේ පාටින් පුංචි පුංචි සුකුරුත්තං ආභරණ ටිකක් පළඳිනවා. ඒ හැම දෙයකින්ම එයාගේ ලස්සන තවත් වැඩි උනා මිසක් අඩු උනේ නම් නැහැ...
ඒ සාරිය ගැන මගේ මතකයන් එක්ක ඉන්න එක චරිතයක්.. අනික් චරිතේ තමා චබී අක්කා.. මගේ ලොකු අම්මගේ දුව. එයාට බබෙක් හම්බ වෙන්න අපේ ගෙදර (මහගෙදර) ඇවිල්ලා හිටපු කාලේ තමා මම මගේ පළවෙනිම රස්සාවට යන්න පටන් ගත්තේ.. ඒ දවස් වල මම සාරි අඳින්න දන්නේ නැහැ....ඉතිං චබී අක්ක උදේම නැඟිටලා ලොකු බඩත් උස්ස ගෙන අමාරුවෙන් නැමි නැමී සාරි අන්දපු හැටි මට තාම මතකයි... එයාට පින් සිද්ධ වෙන්න දැන් නම් මට විනාඩි 10න් සාරිය ඇඳ ගන්න පුළුවන්.....
ඉන වටේ දෙපාරක් එතිලා රුළි වෙලා..ආයෙත් ඉන වටේ රවුමක් ගිහින් පපුව හරහා උරහිසෙන් පහළට වැටිලා ඉන්න මේ අජීවි වස්තුව නිසා කොහේදෝ හැංගිලා හිටපු ගැහැණු කමක සංවරයක්, ලාලිත්යක් මගේ ඇඟේ දැවටිලා තියෙන හැටි මම තව ටිකක් වෙලා බලං උන්නා....
කාගේ නිර්මාණයක්දෝ මංදා...... මගේ ප්රියතම ඇඳුම් ලැයිස්තුවේ හැමදා උඩින්ම ඉන්නේ මේ යාර හයේ ආශ්චර්ය නොහොත් සාරිය........................!
මං ගැන
සිතුවිලි ගොනු
- ආදරය (1)
- කට කහනවට (2)
- ක්ෂනික සිතුවිලි (2)
- මහගෙදර (1)
- සිතුවිලි (5)
- සින්දු (1)
- සෙනෙහස (1)
- හිතේ අමාරුවට (2)
සිතුවිලි වලාකුළ
සිතුවිලි නිම්නයේ ගැවසෙන්නෝ
සහෘද බ්ලොග් අඩවි
-
දැන් මට කරන්නකො2 weeks ago
-
මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව7 months ago
-
ප්රසන්න මධුර සුඛං8 months ago
-
මතකයක් යට හිඳ..!1 year ago
-
-
-
COVID කතන්දර3 years ago
-
ඇය අම්මා විය3 years ago
-
-
තාත්තගෙයි පුතාගෙයි කතා - 054 years ago
-
දවස් තුන !5 years ago
-
-
ගැලවීම5 years ago
-
-
-
-
රන්9 years ago
-
-
කටු කම්බි සහ වීදුරු කටු අතර මම9 years ago
-
-
In pursuit of the ultimate tidal wave10 years ago
-
සෙහත් පුතු වෙනුවෙන් තෑබු සටහන10 years ago
-
Write to express, not to impress12 years ago
-
මොනිටරයෙන් 3D ෆිල්ම් බැලීම12 years ago
-
ඔබට මතකද..? අතීතයට ගමනක්!12 years ago
-
කින්නර අඩවිය … 1012 years ago
-
12 comments:
බොහොම අපූරු සටහනක්..:)
කොහෙද මේ අපේ කාන්තා පාර්ෂවයේ අය අඳින්න වැඩිය අකමැති මිසක් මන් නම් දකින්න කැමතිම ඇඳුමක් තමා සාරිය
මේ දවස් වල මාත් ඔය අත්දෑකීම ලනබනවා..ජිවිතේ කවදවත් හිතුවෙ නෑ සරී ඈන්දන් වෑඩ කරන්න වෙයි කියලා.ඒත් ඈත්තමයි සාරියක් අඳින එක හරිම සුන්දරයි.සංවරයි.
මාත් කැමති සාරිය අදින කෙල්ලන්ට. ඒත් මෙයා ඕක පටලවගෙන දවසම ඉන්න කොට අමාරු නැද්ද? බස්වලට එහෙට මෙහෙට දුව පනින්න අපහසු නැද්ද? විශේෂයෙන් සිල්ක් සාරී ඇද ගෙන...ආහ් මම සාරී ගැන සිංදුවක් ලියුවා ටික කාලෙකට ඉස්සර බලන්න ඒකයි මේ පෝස්ට් එකයි ගැලපෙන්නේ කෝමද කියලා. :D
නාරි නාරි නුබේ සාරි සාරි හැඩ
දින දින අදිනා ඒවා
බෝල බෝල මුතු කවඩි පබලු වැල්
අමුනා අදිනා ඒවා
රන් වන් රන් මල් මල් කම් වැල්
ගෙත්තම් කර අදිනා ඒවා
නෙත් සිත් බදනා හැරි හැරි බලනා
රූසිරි වඩනා නුබේ වත රකිනා
සාරිත් සාරි මෙහෙමත් සාරි
දැක නැහැ මේ වගෙ සාරි
කියන්න නාරි කොහෙන්ද සාරි
මේවද මේ බරණැස් සාරි
සාරිත් සාරි මෙහෙමත් සාරි
දැක නැහැ මේ වගෙ සාරි
කියන්න නාරී නොගෙනා කාරී
මේවද මේ සිල්කී සාරී
සාරිත් සාරි මෙහෙමත් සාරි
දැක නැහැ මේ වගෙ සාරි
කියන්න නාරි මේවද සාරි
ඇන්ජලින්ගේ දූලා සාරි
http://geethge.blogspot.com/2009/12/blog-post_29.html
ම්ම්... ලස්සනයි.. හැබැයි 'පේස් බුකියේ' ඔය කැමතිම ඇඳුමින් එක පිංතූරයක්වත් නෑ.. :P
සාරියයි, ඔසරියයි කියන්නෙ එකක්ද දෙකක්ද ????
අපේ රටේ කාන්තාවන්ට ත් ගැලපෙනම ඇඳුම මම හිතන්නේ සාරිය . . ඒත් අද දවසේ තරඟකාරීත්වයත් එක්ක වෙලාව කලමනාකරනය කර ගැනීමේ ප්රශන් එක්ක මේ සාරි පටලවගෙන වැඩට යන්න අමාරුයි මම හිතන්නේ . ..
@buddika - ස්තූතියි සහෝ!
@ම - මාත් ඉතිං හැමදාම නම් අඳින්නේ නෑ..ඉඳලා හිටලා අඳිනකොට තමා පොඩි ගතියක් තියෙන්නේ.
@Kadulu Binduwa
හ්ම්...මටත් ඉස්සර මරණවා වගේ සාරි ඇන්දම..දැන්නම් ගානක් නැහැ.. සාරිය ඇඳගෙන මැරතන් උනත් දුවත හැකි..
@ගීත් (සහෘදයා)
හහා....තිතටම ගැළපෙනවා! සිල්ක් කිව්වට සිල්ක්ම නෙමෙයි. එක එක මැටීරියල්ස් තියෙනවනේ... බස් එකේ යනකොට නම් ඉතින් අපහසුතා එමටයි.. දැන් යන්නේ එන්නේ පයින් නිසා ගානක් නෑ.
@ශාකුන්තල
හැබෑට නේද? කවුද දන්නේ මං සාරිය ඇඳන් ඉන්න වෙලාවට ෆොටෝ ගන්න බැරි තරම් අප්රසන්නයිද දන්නෑ... බලමුකෝ මං වත් තනියම පොටෝ කෑලි ටිකක් අල්ලගන්නම් ....හික්!
@ndm1989
ඔන්න මාව අමාරුවේ දැම්ම. හ්ම්...ඉන්ටකො බලමු..
හරි සාරියයි ඔසරියයි අඳින ක්රමේ තමා වෙනස. සාරියෙන් ඔසරි අඳින්න පුළුවන්..! ඔසරිය ඇන්ඳම ඉන වටේට රුළි එනවා.. අර ඉඟ නෙරිය කියන්නේ ඒකට වෙන්න ඕනා...ඔසරිය අඳින එක සාරි අඳින එකේ රිවස් පැත්තට වෙන දෙයක්
මේ සටහනේ මං කියලා තියෙන්නේ ..ඒ වගේ
ඔසරි පොට උරහිසෙන් පහළට දාලා, පපුව හරහා පොට අරන් ඉන වටේ රවුමක් යවලා රුළි හදලා ඒ රුළි යට වෙන්න ආයේ සාරිය රවුමක් යවලා අන්තිම කෙළවරෙන් ගැටයක් හදලා ඒක හිරවෙන්න ඉනට යට කරනවා... ඔන්න මං දන්න විදියට කිව්වා.. වැරුද්දක් ඇතොත් නිවැරදි කරත්වා...
@දුකා.
ඒක ඇත්ත..මගේ පරක්කු වී නැගිටීමේ පුරුද්ද නිසා දැන්නම් අහුවෙන එකක් ඇඳගෙන යන්න පුරුදු වෙලයි ඉන්නේ..
ඉස්සර මම වැඩ කරපු තැන අක්කා..
තිබ්බෙම වැදි ඇදුම් බලන්න ඈ ඉක්කා..
ගන්නට පාසල හොද තැනකට අපෙ ලොක්කා..
අවසන් දින අවුරුද්දේ එක වගෙ සාරි දුන්නා දොක්කා..
" හැබැයි මම දන්න හැටියට උන් ඒවා පස්සෙ වික්කා "
ෆා-- අම්මපා ඔක ක්ෂණීකව අඳින්න ක්රමයක් තිබ්බා නම්...
නිපුණ-- මරු කවිය.. පට්ට ආතල්...
එතකොට කෝ කූපන් පොත? නෑ නිකමට ඇහැව්වේ ..
සාරිය කියන එක කොල්ලන්ට ඉස්සරලාම වදින්නේ ඉස්කෝලේ ටීචර්ගෙන්..
හික්ස්...
කොහොම උනත් සාරිය අඳින විදියෙන් ආදරේ හිතෙන්නත්, රාගය ඇති වෙන්නත් පුළුවන්.
ඒක ඉතින් අඳින කෙනා තමා දන්නේ...
අපි ඉන්නේ ඒවට අහුවෙන්නනේ....
Post a Comment