March 16, 2009

වසන්තය මලක් සේ.......!

ඊයේ පෙරේදා දවසක කෙනෙක් එක්ක ඇති වෙච්ච සංවාදයකදී මට මේ සුවිශේෂී සින්දුව ගැන අහන්න ලැබුනා. කලින් මම මේ සින්දුව එක පාරක් හෝ දෙපාරක් විතර අහලා තිබුනට මට ඒ ගැන එච්චරම මතකයක් තිබුනේ නැහැ. "ගංගා සහ නිශ්ශංක" ටෙලි නාට්‍යට සමිතා එරන්දතී මහත්මිය සහ ලක්ෂමන් විජේසේකර මහතා ගායනා කරපු ගිතයක් තමයි මේ.කොහොම හරි කරලා මුළු අන්තර්ජාල වියමනම පීරලා මේ සින්දුව හොයා ගන්න මට පුළුවන් උනා. එක සැරයක් දෙසැරයක් නෙමෙයි මේ වෙනකොට පනස් වතාවක් විතර මම මේ සින්දුව ඇහුවා. ඒත් එපා වෙන්නේ නැහැ. ඒ තරම්ම හරිම ආදරණිය සින්දුවක්. මෙතෙක් කල් මම අහපු සිංහල සින්දු අතරින් හොඳම සහ ලස්සනම සින්දුවක්, ඔයාලා එක්ක බෙදා ගන්න ඕන කියලා හිතුනා. සින්දුවේ පද වැල් ටික නම් මට ඇහුන විදිහටයි මම සටහන් කලේ. ඒ නිසා වැරදි තියෙනවා නම් කරුණාකරලා මට සමා වෙලා ඒ වැරදි නිවැරදි කරන්න.

සින්දුවේ කියවෙන විදිහටම මගේ ජීවිතයටත් වසන්තය ගෙනාපු එකම එක ආදරණීය මනුස්ස ආත්මයකට මේ සින්දුව පිළිගන්වන අතරම ඔයාලාටත් මේ සින්දුව රස විඳින්න මම ආරාධනා කරනවා.

සින්දුව ගන්න මෙතැනින්
නැත්නම් මෙතැනින්

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ! ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ........................!
නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ! ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ........................!
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනි වෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනනෙමි
තැනක සඟවමි හද සෙනේ සුසුමින්
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී ! ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ........................!

10 comments:

Narada said...

ගොඩාක් ස්තුතියි අක්කා සින්දුවට, අදමයි ඇහුවේ! ඉතිං මට පුදන්න දැන් කෙනෙක් නැති එකේ තම අඩුව! හික්!

සුභ පැතුම් අක්කටත් ඒ අයියාටත්!

malee_msg said...

මමත් හරීම ආස සිංදුවක්.. ස්තූතියි ආයේ මතක් කලාට..!

charithsriyan said...

කාලෙකින් අහන්න ලැබුන ලස්සන සින්දුවක්.අන්තිම ලින්ක් එකේ තිබ්බ ඔක්කොම සිංහල සින්දු ටික භාගත්ත.බොහොම ස්තූතියි සිංදුව ගැන මතක් කලාට.කොච්චර ඇහුවත් තව තව අහන්න ආස හිතෙන සිංදුවක්...:) ඒත් දැන් ඔය වගේ සිංදුවක් රේඩියෝ එකකින්වත් අහන්න ලැබෙන්නෙ නැති එක ගැන නම් දුකයි....:(

Teena said...

බින්කු තාම පොඩි ළමයෙක් නේ.ළඟදිම පුදන්න කෙනෙක් හමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

මම කැමතිම සිංදුවකට කැමති තවත් අය සිටිම ඇත්තෙන්ම සතුටක්.දැන් රේඩියෝ වල ඇහෙන ටකරන් සිංදුවලට වඩා මේ සින්දුව කොයි තරම් ලස්සනද?

Anonymous said...

මමත් ආසම සිංදුවක් මේක. මම හිතන්නේ මේක රේඩියෝවල දැන් යන්නේ නැත්තේ අදාල ආයතනය ඒක දාන්න දෙන්නේ නැති හින්දා වෙන්නැති. අර රාජ්‍ය සේවය පිණිසයි චිත්‍රපටියේ එන නිරෝෂා අක්කගේ සිංදුවත් යන්නේ නැත්තේ ඒ වගේ දාන්න‍ දෙන්නෙ නැති නිසාලු.

කොහොම උනත් පිටකොටුවෙ එම් පී 3 කඩ පැත්තේ ගියොත් මේව හොයාගන්න පුළුවන්.

Naදී said...

ඇත්තමයි මේ වගේ සිංදු ගොඩක් අයට නැවත නැවත අහන්න නොලැබෙන්න ප්‍රධානම හේතුව තමයි මේ දවස් වල මින්ස්සුන්ගේ රසවින්දනය මොට කරන ගීත කලාවක් බිහි වීම.ඒක මේ වගේ ගීත වලට කැමති ගොඩක් අයගේ උත්තරීකර රසවින්දනයට ලොකු බාධාවක්. බ්ලොගී නංගි මෙහෙම හරි ඒවා අපිට මතක් කරන එක ලොකු සේවයක්.මමත් ඒ ගීතය මගේ ආදරයේ නාමයෙන් පුද කරනවා

Nalaka526 said...

Me sinduwa mamath godak kemathi sinduwak... Kalekin matak kalata stuti..

Me wagema lassana tawa sinduwak tiyanawa, "Hiruta Muwawen" teledrama eke nam yaddi yana sinduwa. Eke nama "Obata hora". Sinduwa kiyanne Damayanthi Jayasuriya, Rohana Bogoda.

RanDil said...

Ha......... Ha....... Nangi giya Irida Hawasata TV DERANA ehema balannema nehe neda?
:-)

Gaveen said...

වසර ගණනාවකට පෙර ඇසුවත්, අදටත් සංහිඳියාවක් ගෙනෙන අපූරු ගීතයක්.

ආදරේ දන්නා හිතකට මේ ගීය සංවේදී වීම පුදුමයක් නෙවෙයි. :)

තිලිනි අබේසිරිනාරායන said...

nalaka526: mata e song eka hambuna...