March 27, 2009

මම සිහින දකිමි.

මම සිහින දකින්නට හපනෙක්මී.
නිදි ලොවෙහි මෙන්ම දහවලෙහිද
මම සිහින දකිමි.
දෑස් වැසුනද මට සිහින පෙනේ
දෑස් හැරගෙන සිටියදීත්
මම සිහින දකිමි.
දකින සැම සිහිනයක්
සැබෑ නොවෙනා බව දැන දැනත්
මම සිහින දකිමි.

6 comments:

උන්මන්තක said...

හි හි අපි‍ දෙන්නා එක බෝට්ටුවේ.

nadeera said...

මේක මානසික රෝගි තත්වයක් හොදම ප්‍රතිකාරය භාවනාව...නිතර බුදු ගුණ මෙනෙහි කරන්න

දිසා said...

අනේ ඇති තරම් බලන්න අකකේ හින වලට බදු ගන්න එකක්යැ

-බිன்ku- said...

අපොයි ගානක් නැහැ, හැබැයි ඔන්න හීන බල බල තේ වලට සීනි කියලා ලුණු දාන්නයි පිටි කියලා පව්ඩර් දාන්නයි එපා.

malee_msg said...

මේ පාරෙන් එන්න.. මාත් හීන සාප්පුවේ තමයි පදිංචිය

‍‍ෆා ද බ්ලොගී said...

උන්මන්තකට - හා හා අහන්නත් සතුටුයි. මම හිතුවේ පිස්සු මට විතරයි කියලා.

nadeeraට - වැඩේ කියන්නේ මල්ලි,භාවනා කරන්න හිතාන ඇස් පියා ගත්තත් හීන පේනවා නොවැ

දිසාට - ඒක තමා

-බිன்kuට - හික්! මම ගෙදර තේ හදන්නැති හින්දා හොඳා

මලීට - මේ එනෝ.....! මටත් සීට් එකක් අල්ලලා තියා ගන්නෝ.....!