March 30, 2009

මගේ අන්ධ වු සෙනෙහස



දවසක් පටන්ගත්ම දුවන් එන්නෙම් මම
වෙන කාටත් කලින් නුඹ විතරක් දකින්නට
නුඹේ ඔය දෑස් වල මා විතරක් දකින්නට
නුඹේ ලොව රජ වෙන්න සිහින දුටුවෙමී මම
මගේම සෙනෙහසින්පවුරක් සැදුවෙමී මම
මා හැර වෙනත් අයෙක් ඔබ වෙතට නොඑන්ම
නුඹ ලියූ කවි පද බලා සෙනෙහස වැඩුවෙමි සිත පුරා
ඒ කවි ලියවුනේ මා නිසා යැයි මා සිතු බැවින්
අදත් ඊයේ වගෙම හෙට දිනෙත් අද වගෙම
නුඔ මටම හිමි වෙන්න බුදුන් පවා යැද්දෙමි මම

නුඹේ දෑසට එබුන එදවසක එහි මා නොසිටි බව
සිහි නැගෙයි මෙදින මට මගේ අන්ධ වු සෙනෙහස
නොදැන ඇය සිටි වගක් එවකටත් නුඹෙ සිතේ
පුවුරු බඳින්නට ගියෙමි මගේ අන්ධ වු සෙනෙහස
නුඹ කවි ගෙතූවේ ඇයට මිස මට නොවේ අසරණ
මා ගැන සිති සිනහා නැගෙයි මට මගේ අන්ධ වු සෙනෙහස
නුඔට බැඳි පෙම නිසා අත් හලෙමි මාගේ ජන්මයත්
ඉතිරි වී ඇත්තේ මට මගේ අන්ධ වු සෙනෙහස

7 comments:

malee_msg said...

මේක කවියක් විතරමයි නම් ලස්සනයි.!

උන්මත්තක said...

හ්ම් මලී කිව්වා වගේ කවියක් විතරක්ම වේවා.

රයිගමයා said...

පවු නේද?

‍‍ෆා ද බ්ලොගී said...

මලීට සහ උන්මත්තකට - ඇත්ත. කවියක් විතරක්ම නොවී මේ දේ හැබැහින් සිද්ද උනොත් ඒ ගෑණු ළමයාගේ හිතේ කොච්චර නම් දුකක් ඇද්ද?
ඒක දැන ගන්න පුළුවන් වෙන්නේ මේ සිදුවීමට මුහුණ පෑවොතින් විතරයි.

රයිගමයාට - පවු තමයි.ඇඩෙනවා.

Anonymous said...

අන්ධ වෙලා නෑ ඔබ... හොඳට බලන්න... තාම ඉස්සර වගේ ලස්සනට පේනවා නේද? සමහරවිට ඉස්සරටත් වඩා ලස්සනට පේනවා නේද? ඒ නිසා එහෙම හිතන්න එපා...

‍‍ෆා ද බ්ලොගී said...

Anonymous - දැන් පෙනෙන ඒ මායාකාරී ලස්සනට රැවටෙන්න තරම් ඇය මෝඩ නොවේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.තව දුරටත් ඇය අන්ධ නැහැ.

විකටය said...

funny thing is that i kind a like this one....