March 9, 2009

හිස් බව

හිස් බව තරම් හිත විඩාපත් කරන දෙයක් මේ ලෝකෙ තවත් නැතුව ඇති. මම මේ දවස් වල විඳින්නේ ඒ හීතල හිස් ගතිය. හැමදාම උදේට දවස පටන් ගන්නේ එදා දවස ගැන දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන. ඒත් දවස පටන් ගන්න කලින්ම ඒ සමහරක් බලාපොරොත්තු ඉටු නොවීම මිලාන වෙලා යනවා දකින කොට දරා ගන්න බැරි තරම් දුකයි. ඒ වෙලාවට කාටත් නොපෙනෙන තැනකට ගිහින් දුක තුනී වෙලා යනකල් ඉකි ගගහා අඬනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? කවුරු හරි ඒ වෙලාවට ඇහුවොත් අඬන්නේ ඇයි කියලා මට දෙන්න උත්තරයක් නැහැ. සමහර වෙලාවට මම අඬන්නේ ඇයිද කියලා මං වත් දන්නේ නැහැ. අඬනවා කියලා දෙයක් මේ ලෝකේ තිබුනේ නැත්නම් මම මේ වෙනකොට පිපිරිලා මැරිලා ඇති.

කොච්චර නම් සතුටින් දවස පටන් ගන්න හැදුවත් මේ හේතුවක් නැති දුක ඇවිත් නිතරම හිතට වද දෙනවා. වෙලාවකට හිතෙනවා මනුස්සයෙක් නොවී ගහක් ගලක් වෙලා ඉපදිලා තිබුන නම් කියලා.

9 comments:

said...

මේ දවස්වල මාත් ඔයිටත් වඩා ඕක අත් විඳිනවා. ඒ හිඳා මන් වෙනදටත් වඩා මරණය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.

Anonymous said...

ඔයා කැමති දෙයක් කරලා, උදේට වැඩ පටන් ගන්න..එතකොට හරි යයි...

malee_msg said...

එහෙම තමයි අක්කේ.. අනේ මන්දා.. කොච්චර සතුටින් ඉන්න හැදුවත් මොකක්දෝ මන්දා ‍කියාගන්න බැරි දෙයක් අපි හැමෝගෙම ජිවිත වල තියනවා මං හිතන්නේ...

පුලුවන් තරම් හොදින් ඉන්න බලමු.. කවදාවත් බැරි උනත් අඩුම ගානේ උත්සහයවත් තියෙයිනේ ඉතිරිය විදියට

Narada said...

මාත් ඔහොම හැඟිමකින් වින්දා කාලයක්, වඩා හොඳම දේ කියලා මට හිතෙන්නේ ක්‍රීඩාවක් කරන්න හෝඅ ඒ වැනි අවධානය අවශ්‍ය දෙයක් කරන්න එකයි. උත්සහා කරන්න, එතකොට ඉක්මනින්ම මිදෙවි.

වන්නි said...

හිස් බව නැති කරන්න, මොනා ගෙන් හරි පුරවන්න, පළවෙනි පියවර ඔබම තියන්න...
රැකියාවත් එක්ක කුරුවල් වුණු අපේ ජීවිත වල සමහර සංකීර්ණ සංසිද්ධීන්ට වඩා විටෙක ඒ හිස් බව හොඳ බව ඔබට දැනේවී.

හිස් බවෙනුත් තවත් ඈත් උනොත් මොනාවත් නැතිකමට වඩා තිබුණු හිස් බව හරි වටිනවානේද කියලත් ඔබට හිතේවි.

හැම තිස්සෙම හැම දේම හිස් විදිහට දකින්න එපා... ඉක්මනට හැම දේම පරිලා ඉතිරිලා යයි... එතකල් චුට්ටක් ඉන්න... සංතෝසෙන් ඉන්න...

Anonymous said...

ඇත්ත කදුළු තමයි හුගක් ලගින් ඉන්න මිත්‍රයා. දුකට සැපට දෙකටම. මමත් අඬලා අඬලා දුක නැති කර ගන්න කෙනෙක්. පිරිච්ච කදුළු වේලිලා ගියාම ටිකක් හොදයි. හොදම දේ පරිසරයත් එක්ක ජිවත් වෙන්න. අපි හිතන තරං වේගෙන් මරණය අපිට ලං වෙන්නේ නැ. තමන්නට ඔන නැ කියලා හිතෙන දෙවල් තියෙනං අමාරුවෙන් හරි මග හලලා යන්න. එතකොට එය දුක ටිකක් අඩුවෙයි. කරන්න අමාරුයි ඒත් උත්සාහ කරන්න.:)

Teena said...

ecH -අළුත් දෙයක් නේද? හම්ම්....!හොඳයි අදහස නම්.

මරණය - හප්පේ...! මගේ ප්‍රශ්නයට නම් මරණය බරපතල වැඩී වගේ.

පිස්සා - මම කැමති දෙයක් කරන්න අනිත් අය කැමති නෑනේ පිස්සෝ.ඒ වෙලාවට ඉතිං මටත් පිස්සු හැදෙනවා.

මලී - ඒක ඇත්ත සතුට කෙසේ වෙතත් දුක නම් හැම වෙලේම මාත් එක්ක ඉන්නවා.

බිංකු - අදහස නම් පංකාදුයි.

කුෂාන් - මගේ මේ තත්වයට මගේ රැකියාවත් එක්තරා හේතුවක් තමා.බලමු මගේ හිස් බව මම බලාපොරොත්තු වලින් පුරවලයි තියෙන්නේ.

සිතුවිලි - අන්න දැක්කද? අපි දුකින් ඉන්න වෙලාවක දහසක් දෙනා වට වෙලා අපිව සනසන්න හදනවට වඩා තනිවෙලා ඇඬුවම දැනෙන සැනසීම වැඩී.

Naදී said...

මේක මම පරක්කුවෙලා හරි දැක්ක එක ගැන සතුටුයි. මොකද මටත් ඒවගේම දැනිච්ච වාර අනන්තයි අප්‍රමාණයි.

Nuwansi said...

ඇත්ත අපි හැමොටම පොදු දෙයක්.
but nice wordings