December 3, 2008

නොනිමි සෙනෙහසට තුති

මවකගේ ‍සෙනෙහස, පියෙකුගේ රැකවරණය, සොහොයුරෙකුගේ ලබැදියාව, මිතුරෙකුගේ දයාබරත්වය මේ සියල්ල කැටි කර තැනූ වස්තුවක් මෙලොවෙහි ඇත්නම් ඒ ඔබම මිස වෙන කිසිවෙකුත් නොවේ.
ඔබ මට මහා නුග වෘක්ෂයක් නම් මම
ඔබ සෙවනෙහි සුවසේ වැඩෙන පුංචි පැළෑටියක් වෙමී. දීප්තිමත් තරැ ලකුණක් වී ඔබ මා අහසේ පායනා තුරාවට මා යන මඟ පිළිබඳ මට කිසිඳු සැකයක් නැත.
ඔබ ‍දෙවියන් විසින්
මා වෙත එවන ලද දේව දූතයෙකු යැයි මා අදහමි. ඔබ මා වටා සැරිසරන තුරාවට මට ජීවිතය යනු මල් මිටියාවතකී. ඔබේ අත් වැල අල්ලාගෙන මම එහි රිසිසේ සැරි සරමී.


7 comments:

සු෴ said...

‍වෙලාවකට දුකයි මේක දැක්කාම වෙලාවකට සතුටුයි.. ඒ ඇයි කියලා ඔයාටම තේරෙනවා නේද ?
කොහොම වුණත් සිංහල බ්ලොග් අවකාශයට ආදරෙන් පිළි ගන්නවා.. නොනැවතී ලියන්න.

Fa said...

අනේ නෑ,මට නම් හිතා ගන්න බෑ හේතුව.
කොහොම උනත් අදහස් දැක්වීම ගැන නම් ගොඩක් සතුටුයි.

said...

බ්ලොග් එකේ තීම් එකනම් නියමයි

සරත් ගුණතුංග said...

ආයුබෝවන්! සාදරයෙන් පිලිගන්නවා. සිංහලෙන් ලියන දේවල් බලන්න ආසයි

Fa said...

බොහොම ස්තූතියි.

Homo Erectus said...

සුට දෙවියන් එවූ දේවදූතයා ප්‍රශ්නයක් වගේ, ඒකයි වෙලාවකට දුකයි මේක දැක්කාම වෙලාවකට සතුටුයි..

ආගන්තුකයා said...

ආදරය සුන්දර්යි.... එකනේ හෝමෝ සෙපියන් සේපියන් වූ අපි තාම ආදරයට ලෙන්ගතු....