
මම මලක් වූවා නම් ඔබේ ගෙඋයනෙ පිපෙන්න තිබුනා.
මම සුළඟක් වූවා නම් ඔබේ හුස්ම හා වෙලෙන්න තිබුනා.
මම වැස්සක් වූවා නම් ඔබේ ගත පුරා ඇද හැලෙන්න තිබුනා.
ඒත් අද මා මා වූ නිසා මට මා වත් නැති වූ හැටි
මම මලක්වත් සුළඟක්වත් වැස්සක්වත් නොවී මා වූ නිසා
ඔබේ අනන්ත අප්රමාණ සෙනෙහසට පාත්ර වීමට තරම් පින් ඇත්තියක වූ හැටි.
මේ ජීවිතය පුරාවට මගේ නෙත් පියෙන තුරැ සත්තකයි මම නුඹේ.
4 comments:
හරිම ආදරණියයි... අපි අපිම වෙන නිසා අපිට කරන්න වුවමනා බොහො දේ නොකර ඉන්න වෙන්වා නේද ?
ඒක නම් ඇත්ත තමා. ඔයාගේ "අනේ මම සුළඟක් උනා නම්" ලිපියට මම ගොඩාක් කැමති උනේ අන්න ඒ හේතුව නිසා.ස්තූතියි.
ඔබ ඔබ වූ විටත්, මම මා වූ විටත්. සිතන සිතුමි, පතන පැතුමි.. ඔබ මගේ වූ සහ මා ඔබේ වූ පසුත් එලෙසම සිතාවිද? පතාවිද?
Nice :-)
Post a Comment