November 27, 2008

හිත නිවන පැය

දවසේ පැ‍ය විසිහතරෙන් මම ආසම පැ‍ය වැඩ ඇරිලා ගෙදර යන්න ගත වෙන පැ‍ය.බොහොම නිස්කලංකව හිමින් සීරැවේ බස් ස්ටෑන්ඩ් එක ‍වෙනකල් ඇවිදගෙන එන පුංචි දුරට මම හරිම කැමති. තුනී කළුවර මැදින් එන සීතල හුළඟත් එක්ක ඇවිදන් යද්දි මහන්සියක් දැනෙන්නෙම නැති තරම්. හැමදාම වගේ St. Marks Church එකේ ඝණ්ඨාරෙ ගහන්නේ මේ වෙලාවට. ඒ වෙද්දි මම ඉන්නෙ soldier round about එක ගාව. බදුල්ල town එකේ මම කැමතිම තැනක්. ඝණ්ඨාරෙ සද්දෙටයි, ඒ තියෙන වට පිටාවටයි හිතට එන්නෙ පුංචි දුකක් එකතු වෙච්ච පාළු හැඟීමක්.වටේට කොච්චර සෙනඟ හිටියත් මාව විතරක් තනි වෙලා කියලා හිතෙනවා.ඒත් ඒ සිතුවිල්ලට යටින් දැනෙන අමුතුම සන්සුන් ගතියට මං ගොඩාක් කැමතී. ඒ හින්දමද කොහෙද Church එකේ ඝණ්ඨාරෙ සද්දෙ මට හීනෙනුත් ඇහිලා තියෙනවා.

ජීවිතේ හරිම ඒකාකාරියි. ඒත් ඒ ඒකාකාරිත්වය තුළිනුත් හරිම ලස්සනට ගෙවෙන හෝරාවන් තියෙනවා. හොඳට මතක් කරොත් ඒ මොහොත හොයා ගන්න අමාරැ වෙන එකක් නැහැ. දවසේ පැ‍ය විසිහතරෙන් මම හොයා ගන්ත මේ පැ‍ය මම දකින්නෙ හරිම ඒකාකාරි ඒත් හරිම සුන්දර පැයක් විදියට.


10 comments:

har said...

අකුරු වල පුමාණය(font size) එක පොඩ්ඩක් අඩු කලට කමක් නෑ, මන්ද යත් බොහෝ අය සාමාන්‍ය අකුරු කියවන්න කැමතියි,

ඔබ පැයකින් හෝ සිත නිවාගැනීම ගැන නම් සතැටුයි, මන්ද මට නම් ටිකක් නිවී සැනසිල්ලෙ සිතන්නත් කාලය හරස් වෙලා, දැන් නම් සිතෙනව දවසට පැය 24 ක් වෙනුවට 36 ක් තිබුනනම් හොදයි කියල.

A. හසිනි said...

ඇත්තම තමා ..... වෙලාව දුවන ඉක්මනට අපිට දුවන්න බෑ ඔය අල්ල පනල්ලෙ ජීවිතේ සුන්දර තැන් විදින්න වෙලාව හොයා ගන්න එක හරිම අමාරැයි, ඔයාගෙ උත්සාහය නම් නියමයි මොකද අපි ට සියලු චමත්කාරයන් සියලු වැඩ, යුතුකම්, වගකීම්, පැටලිලි, ලට පට අස්සේ හැමදෙයක්ම සුන්දරයි කියල හිත නිවාගන්න එක තමා හොදම දේ

ඔයාගේ බ්ලොග් සටහනට සුභ පැතුම්...... දිගටම ලියන්න

අමල් ඉෂාන්ත said...

සැන්දෑ කාලය නම් ඇත්තටම ලස්සනයි බදුල්ල පැත්තේ.(හැබැයි පහුගිය කාලේ අළුත්වැඩියා කරන කොට නම් එපා වුනා)මමත් ගමේ ආවොත් අනිවාර්‍යයෙන්ම හවසට රවුමක් යනවාමයි. අනික කොහොමටත් වැඩ ඇරිලා ගෙදර එනකොට පයින් පොඩ්ඩක් ඇවිදින්න තියෙන එක මාර සතුටක්.
අකුරු පොඩ්ඩක් පොඩි කරනවානම් ලොකු දෙයක්.
දිගටම ලියන්න සුභ පැතුම්

situvili said...

අපිට නං හවසට පාරේ වාහනයි වාහන වල සද්දෙයි විතරයි. හවසට බස් එකේ යද්දි බම්බලපිටිය MC එක පහුවෙනකොටම යන්තං කොහොම හරි වැඩිපුරම කැමති මුහුද පොඩ්ඩක් බලා ගන්නවා එච්චර තමයි මං ආස දේකට බලාගන්න තියෙන්නේ. :) සටහනට සුභ පැතුම්.

Leo Sadeepa said...

ඊයේ බදුල්ලට ආවා ... නගරයේ ඉන්න නම් ඉඩ වැඩිපුර ලැබුනේ නැහැ ... දුන්හිඳ බලන්න නම් යන්න ලැබුනා ..... කෙසේ වෙතත් ඔබේ සිතුවිලි අප හා බෙදා ගැනීමට ඔබට තුති ...

දිගටම ලියන්න

නිලන්ත පියසිරි said...

හරිම සුන්දර හෑල්ලක්. දිගටම ලියන්න.

පහන් said...

බ්ලොග් ලියන්නන්ගේ සංසදයේ mail එකමුතුවට mail එකක් එවල තියෙනවා දැකල මේ පැත්තේ ආවේ. අද තමයි මේ බ්ලොග් එක දැක්කේ.
මේ word verification එක අයින් කලොත් අපිට අදහස් දක්වන්න පහසු වෙයි. ඒක අයින් කරන්න තරම් කාරුණික වෙනවාද?
නෝනත් ලස්සනයි බ්ලොග් එකත් ලස්සනයි.
හික් හික් :D

නාලක said...

අපිට නම් ඉතින් බස් වල ඩීසල් දුම තමයි :D හික් හික් හික්. දිගටම ලියන්න . ඔබට සුභ පැතුම්

Fa said...

අදහස් දක්වපු සියළු දෙනාටම බොහොමත්ම ස්තූතයි.

ආගන්තුකයා said...

මට නම් එපාම වෙන්නේ බෝඩිමට යන පැය... බස් එක පැයක් විතර බොරැල්ලේ කොටලා කොටලා හොල්ට් 2ක් යන්න පැයක් යනවානේ... ඉතින් මම පයින්ම යනවා.... මහ ඉස්පිරිතාලේ ඉස්සරහා පරෙන් යන්නෙ පරාණ බයෙන්... පොඩ්ඩ බැරිවුන ගමන් ගුවන් ප්‍රහාර... දවසක 7-8 විතර යන්න වටින පාරක් මම 4-5 පාරක්ම ගොදුරු වෙලා ඇති...