September 9, 2010

කියන්නට වචන නැත…

මම මේක අද කිව්වට කමක් නෑ කියලයි හිතෙන්නේ ..ඊයේ මගේ උපන් දිනේ ..

හරියටම රෑ දොළහට කිහිප දෙනෙක් කතා කරලා සුභ පැතුවා.. ඊට පස්සේ ලස්සන ඊමේල් කිහිපයකින් සමහරු සුභපතලා තිබුනා.. උදේම මගේ ආදරණීය (නැන්ද)අම්මා‍ගෙන් සුභ පැතුමක්.. SMS වලින් තවත් කිහිප දෙනෙක්.. ඔෆිස් එකට ආවම ආයෙත් සුභ පැතුම්.. ආයෙත් ටිකකින් අම්මයි අයියයි කතා කරලා සුභ පැතුවා . ඉතිං යන්තම් උදේ 10 වෙද්දි මගේ හිත පිරිලා තිබුනේ.. දැන් ඔක්කොම හරි.. මගේ හිත කිව්වා..   ඊට පස්සේ ගූග්ල් Buzz එකට ගියාම එතන කිහිප දෙනෙකුට වැඩේ මාට්ටු වෙලා කියලා මට තේරුනා.. එයාලා කොහොමද දැන ගත්තේ කියන එක මට ප්‍රශ්නයක් වෙලයි තිබුනේ.. ඉතින් ඊයේ දවස ඔහොම ගෙවුනයි කියමුකෝ…

අද උදේ පණිවිඩයක් ආවා වහාම ඊමේල් චෙක් කරන්න කියලා …. බැලින්නම් මෙන්න බොලේ හොඳම උපන්දින තෑග්ග එතන..

ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ‍කාර්ඩ් එක ඊයෙම මට ඩිලිවර් වෙන්න තිබුනට වැඩේ වෙලා නෑ…  ඉතින් ඒක අද උදේ තමා මට ලැබුනේ.. ඒ නිසා මට ඊයේ ඔයාලාගේ කාඩ් එක දකින්න බැරි උනා.. අද උදේ තමයි දැක්කේ..

 email%5B5%5D[1]

ඉතින් මේ සටහන හරිම හදිස්සියේ දාන්නේ මගේ Greeting Card එකේ සයින් කරලා තිබුන හා ඉහත සඳහන් එකේක ක්‍රම වලින් මට සුභ පතපු හැමෝටම කරන ස්තූතියක් විදියට.. ඇත්තටම මගේ මුළු හිතම පිරිලා ගියේ මේ කාර්ඩ් එක දැක්කට පස්සේ…… ඉතින්  යාළුවනේ මගේ උපන්දිනය වෙනුවෙන් ඔයාලගේ කාලයෙන් විනාඩියක් වෙන් කරලා මට සුබ පැතුමක් එක් කරපු ආදරණීය ඔයාලා ඔක්කෝටම  බොහොම  බොහොම ස්තූතියි..

කණිශ්ක , සූ අක්කා, කණියා, රචියා, ලිෂා , ප්‍රියන්ත අයියා, පැංචි, වාසල අයියා, මලි, deeps, මරණේ , තිස්ස අයියා, පහන් , ගෝලයා හෙවත් උමේෂ් , රොයිලි අයියා, Ansh Lucky, බුද්ධික අයියා, හර්ෂන , ගයාන් කණිෂ්ක , ආගන්තුකයා, පුතා, ශාකු මල්ලි, දුකා අයියා, බින්කු මල්ලි, නිශාචරයා, පැන්ඩා , ‍ධනික , බයිස්කෝප් ටීම් එක  එක්ක ඉන්දික සර්, උපුල් සර්, නරේෂ්, ශෂී, කසුන් අයියා, අපේ නගා, කිත්සිරි අයියා, විශ්නි, ශේන් මොර්ටර්ස් සහ හැම සැරේම මේ වගේ සප්‍රයිස් එකක් දෙන මගේ ආද‍රණීය ආදරේට ආයෙමත් ස්තූතියි..  නම නොකියවුන කවුරු හරි ඉන්නවනම් මට සමාවෙන්න..

Thank-You

පැංචි මට වෙලාවට වැඩ කරන පුරුද්ද ඇති කරගන්න ලස්සනම ලස්සන පුංචි අත් ඔරලෝසුවක් තෑගි දුන්නා. ඔයාටත් බොහොම ස්තූතියි පැංචි.. ළඟදීම සර්ප්‍රයිස් එකක් බලා‍පොරොත්තු වන්න…

හදිසියේම ටයිප් කරපු නිසා වැරදි ඇති… සමාවෙන්න ඕන කස්ටියම.

12 comments:

තිස්ස දොඩන්ගොඩ said...

අනාගතයත් ඔයාකාරයෙන්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙයි... දෙකක් නැහැ... ජයවේවා...

චමිදේවා said...

වෙල්කම් කිව්වා...

අපිටත් සතුටුයි ඒකට නම ඔබාගන්න ලැබිච්ච එකට... :P

Thanoja Rajapaksha said...

අනේ මමත් පරක්කු වෙලා හරි සුබපකනවා නඟේ ඔයාගෙ සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවේවා! කියලා

Lakshan said...

කව්ද දෙයියනේ මේ වගක් දන්නෙ. :) ඔන්න මගෙනුත් සුභ පැතුම්!!!
-සංගීත අඤ්ඤයා-

Teena said...

@තිස්ස දොඩන්ගොඩ
බොහොම ස්තුතියි අයියා..

@චමිදේවා
හිහ්..ස්තූතියි ඔයාටත්

@තනෝජා රාජපක්‍ෂ
පරක්කු වෙලා හරි ඔය සුභ පැතුමත් මට වටිනවා අක්කේ.. බොහොම ස්තුතියි

@SOLO
ස්තූතියි..ළඟදි අළුත් සින්දු ඇහුනේ නම් නෑ..

පිස්සා පලාමල්ල said...

අපි දන්නෙ ත් නැහ නොවැ... කෝ කේක් අපිට හි හි...

සුබම සුබ උපන්දිනයක් පතනවා බ්ලොගීට... හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙලා ලස්සන අනාගතයක් ලැබෙන්න කියලා... පිස්සා ප්‍රාර්ථනා කරනවා

෴ හසියා ෴ said...

හැබෑටම අදද මේ පිස්සු අක්කි‍ගේ උපන්දිනේ..දැන්නේ දන්නේ...නැත්නම් එල වැඩක් දෙන්න කිබුණා...අපලාදේ....

අහ් කමක් නෑ කමක් නෑ...

ඔන්න අපෙනුත් උණු උණු සුභ පැතුම් මුළු හදවතින්ම....කරන කියන හැමදේම හිතනවටත් වඩා හොදින් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......

මෙන්න මගෙන් පොඩි තෑග්ගක්....(එකම තෑග්ග දෙන්නෙක්ට දුන්නට සමාවෙන්න ඕනි...දැන්නොවැ දන්නේ....)

අද උපන්දිනේ සමරන තව එකෙක් ඉන්නවා නොවැ....ඒකී යන්නේ පැන පැන....වෙන කවුරුත් නෙවේ අපේ හා පැටික්කි....
මෙන්න ගිහින් බලන්නකෝ.....

LishWish said...

උඹට වරදින්නේ නැහැ බයවෙන්න එපා..! මේ ආවා වගේ සියක් යොදුනක් දුර යන්න උඹට සියලු ආශීර්වාදය අපෙන්..!
ජය..!

පොඩ්ඩා said...

සුභ උපන් දිනයක් වේවා !!!!!!!!

Naදී said...

ජස්ට් අ ලිට්ල් ප්‍රසන්ට් මයි ඩිය...ඒක මාව මතක් වෙන්න විශේෂයෙන් ලබන අවුරුද්දෙන් පස්සේ.
කඩා ගන්නේ නැතිව ගොඩක් කල් බඳින්න ලැබෙයි කියලා හිතනවා. සුභ පැතුම් නැවතත්. ස්තුතියි බර්ත් ඩේ ට්‍රීට් එකට.

පසන් Sid said...

akka happyma happy b;day 1k wewa.....

kawadda party 1 ??

Teena said...

@පිස්සා පලාමල්ල
බොහොම ස්තූතියි සුභ පැතුමටත් ප්‍රාර්ථනාවටත් හැමදේටම!! කේක් මෙන්න

@෴ හසියා ෴
දැන් හා පැටික්කිටයි මටයි ගහ මරා ගන්න සිද්ද වෙයිද තෑග්ග බෙදා ගන්න. හිහි! බොහොම ස්තූතියි මලේ ෂෝක් තෑග්ගක් නොවැ..

@LishWish
බොහොමත්ම ස්තූතියි ලිෂෝ... මේ වගේ සහෘදයෝ රෑනක් වටේ ඉද්දි කොහොමද වරදින්නේ...?

@පොඩ්ඩා
ස්තුතියි පොඩ්ඩෝ....

@Naදී
උඹව මතක් වෙන්න තෑගි ඕන නෑ අක්කා.... අපි දෙන්න මුණ ගැහිලා වැඩිම උනොත් අවුරුදු දෙකක් ඇති. ඒත් හොඳම යාළුවෙකුටත් වඩා උඹ මට සමීපයි.. ඉතිං දුරකට ගියා කියලා අපේ බැඳීම නැති වෙන්නෑ..... වෙල්කම් වේවා...

@පසන් Sid
මේ වගේ කස්ටියක් ළඟ හිටියම හැමදාම පාටි වගේ තමා මලේ... ස්තූතියි සුභ පැතුමට..