අපි හොයාගෙන ගියේ ඉස්කෝලයක්. නම වල්හපුතැන්න මහ විද්‍යාලය. ඒ ඉස්කෝලේ තමා අපේ ලෑන්ඩ් මාර්ක් එක උනේ අපේ ගමනාන්තට ආසන්නයි කියලා දැනගන්න. ඔන්න අපි එතනට ළගා වෙලා වැඩිපුරත් ටිකක් පාරේ පහළට ගියාම සද්දන්තයෙකුට හරිම ඇබැද්ධියක් වෙලා. මේ බලන්නකෝ….
ඒකත් බලාගෙනම ආයේ හරවාගෙන ආපු අපි අස්සයාව ඔන්න අතුරු පාරකට දැම්මා. ඔය අතුරු පාරෙන් තැන් දෙකකට යන්න පුළුවන්. එකක් බඹරකන්ද දිය ඇල්ලට අනික අපේ සොුරු ගමනාන්තය වූ “The World’s End Lodge” වෙතට. ඔය පාරේ ටික දුරක් යන කොට ආයෙත් පාර බෙදෙනවා දෙකකට. එකක් අර මම උඩින් කියපු දියඇල්ලට. අනිත් පාරේ තමා අපි යන්න ඕන. හැබැයි ගිහිල්ලා බහිනකල් වත් මම හිතුවේ නෑ මේ පාර “The World’s End Lodge” වලට යන පාර කියලා. ඒ පාර විහිදුනේ හරියටම පිටිසර ගමකට යන ගුරුපාරක් වගේ. හැම වංගුවක් හරවද්දිම මට හිතුනේ දැන් පාර ඉවර ඇති කියලා. ඔහොම ලස්සන චූටි ගෙවල් ටිකකුත් පුංචි දිය ඇල්ලකුත් පහුකරගෙන ගිය අපට කන්දකුත් අදින්න සිද්ද උනා..
ඔන්න ඒ කඳු ගැටෙත් නැගලා අවසානයේදි අපි ලඟා උනා අපේ ගමනාන්තය නොහොත් “The World’s End Lodge” වෙතට.
ඊළඟ කොටස අද රෑටම……..!
11 comments:
ෂා....මාර ගති ටුවර් එක.අනිත් ටිකත් ඉක්මනට දාන්න.
අනේ ඉක්මනටම දාන්න.. අපිත් 22 යන්නයි ඉන්නෙ..
මට යන පාරත් එක්කම දාන්න පුලුවන්නම් හොදයි...
වාහනේක යනවනම් රෝසා බස් එකක් ඔය පාරේ යන්න පුලුවන්ද?
අනේ..........
බස් එකේ පැද්දී පැද්දී
කොන්දොස්තර කරච්චලය මැද
අමාරුවෙන් අල්ල ගත්ත
සිට් එක මත (අ)සීරුවෙන් හිඳ
බෑගයෙන් කොහොම හරි
'පොදු පුරුෂයා' එලියට ඇද
බෙල්ල නමාගෙන ඇස් පොඩි කරගෙන
කියවාගෙන කියවාගෙන කියවාගෙන යන
අනේ.......... මං කොච්චර පව්ද?
නේද?
ඉතිරි කොටස බලාපොරොත්තුවෙන් පසුවෙමි.
මේවායේ යන්න නම් ඕනේ බයිසිකලේකම තමා :-D
නියමයි නේ.. මට මීට අවුරුදු ගාණක අතීතයක් මතක් උනා..
:)
හ්ම් හොඳ ගමනක් ගිහින් තියෙන්නේ...
මේක දැක්කම මට පුදුම සතුටක් දැනුනේ. ඔය අපේ ගම.
The World’s End Lodge එකට යන්නෙ තියෙන්නෙ අපේ තත්තගේ මහ ගෙවල් පහු කරල. දැන් නම් එහෙ කවුරුවත් නෑ.. ගෙවල් ඔක්කෝම කැඩිල ගිහිල්ල. හරියටම කිව්වොත් ෆයිනස් කපල අළුතින් හිටවන්න පටන් අරන් තියෙන ටර්පන්ටයින් වගාව ඉවර වෙන තැනින් පහළට බැහැල ගියහම අපේ වත්තට යන්න පුළුවන්.
මම හෙට යනවා. හෙට,අනිද්දා,ඉන් අනිද්දා දවස් තුනම ඔහෙ ඉන්නවා.
ඉතිරියද බලාපොරොත්තු වෙමි..
අර රන්දි අක්කා කිව්ව තැනින් මං පටන් ගන්නම්.. අපි කොච්චර පව් ද? අපි ඉතිං කොහෙට ගියත්.. අව්ව. ගෝසාව.. ගෙන්දගම් පොළවේ තාර ඇතිරිලි වල ඇවිදිනවා මිසක් අපිට කොයින්ද ඔච්චර පිනක්..
@dinesh
ඔන්න දැම්මෝ
@Buddy --බඩී
යන පාර ගැන වැඩි විස්තර දෙවැනි පෝස්ට් එකේ බලන්නෝ...
රෝස් බස් එකක නම් යන්න බැරි වෙයි.. හැබැයි වෑන් එකකට නම් පුළුවන්
@RanDil
ඉතිරි කොටසත් දැම්මා.. බලන්නෝඕ...
@ම
ඔව් ඔව්.. බයිසිකලෙන් එන එක ලේසියි.. ඒත් වෑන් එකෙනුත් බැරි නෑ..
@Ansh Lucky Sri Jay
ආ..හා.. කඳු මිහිදුම් අතරේ අතීතයකුත් තියෙනවා වගේ..
@priyantha.ඒබී
හොඳයි කියන්නේ නියමම ගමනක්..
@පැතුම්.....
හරිම සතුටුයි.. අපිට එතන මැනේජර් කිව්වා අවුරුද්දකට කලින් ෆයිනස් වගාව කපලා වෙනත්
දෙයක් වගා කරන්න යනවා කියලා.. වාසනාවන්තයි අප්පා ඔයා..
@සෝරෝ
ඉතිරිය දැම්මෝ..
@malee_msg
ඒක හැබෑව.. ඉතින් තියෙන පින් ටික හරි හිලව් වෙන්න ඇවිත් යන්නකෝ...
මාස හයකින් වගේ මේ වගේඔ ටුවර් එකක් මමත් අස්සයා පිටේ යන්න හිතාගෙනයි ඉන්නෙ !
Post a Comment