September 6, 2010

මහ ඔලුවන්ට…!

කවදා හරි දවසක, මම එහෙම කරාම
මට මෙහෙම කරන්න බැරි වෙනවාලු..
මං රැහෙන් පිටලු, අයේ වද්ද ගන්නේ නැහැලු..
මලගමකට මඟුළකට මට කියන්නැතිලු..
ඒ ආවත් මාව ගනං ගන්නැතිලු..
අනේ මට මොකෝ.. උඹලා වගේ මහ ඔළුවෝ
මගේ ජීවිතෙන් අයින් වෙන තරමටම මම කැමතියි..
මාව වැදු අම්මගේ මරණයකටවත් මට
අතගහන්න නොදෙන කතාව තමයි මට රිද්දුවේ
තොපි කවුද බොල මට ඒ වගේ නීති දාන්න
මායි අම්මයි බැඳුනේ පෙකෙණි වැලෙන් මිස
උඹලගේ ඔය මහලොකු ජාතියෙන් නොවෙන වග
උඹල වගේ ගොන්තඩියන්ට තේරෙන්නේ නැත්තෙ මොකද
තමන්ගේ ජාතකේ කිළුට්ට වහගන්න
අනුන්ගේ ජාතකේ හොයන්න එන මහ ඔළුවෝ..
කවදා තේරෙයිද උඹලට..
අපි ඔක්කොම මනුස්ස ජාතියේ කියලා..
කවද හරි තේරෙයි හැබැයි කල් යයි..

11 comments:

Naදී said...

මොකද බං මේ හතර වරිගෙටම කෑගහන්නේ. මොකක් නමුත් වෙලා තියන හැඩයි. නටන්න කියහං ඔය ලොකු ඔලුවන්ට.

RanDil said...

හප්පෝ බොහොම කේන්ති ගිහින් වගෙයි :D

මිනිස්සුන්ට නිකං ඉන්න බැහැ හැම තිස්සේම පැටලෙන්න යමක් සොයමින් ඉන්නේ. ඒ වගේ දෙයක් තමයි මේ කියැවෙන ගැටළුවත්

Jay said...

හ්හ්හ්ම්..
අපි හැමෝම මනුස්ස ජාතියේ.

Teena said...

@Naදී
සිද්දිය නම් පරණයි.. ඒත් හැමදාම වෙන දෙයක්. ඔව් උං නටනවා, කවද හරි හති වැටෙනකල් නටපුදෙන්..

@RanDil
හිහි...කේන්ති යන්නැද්ද අප්පා. මේ කියන දේවල් වලට.

@Ansh Lucky Sri Jay
යප්! සිම්පල් තියරියක්.. කවුරුත් පිළිගන්නැති එක තමා දුක.

Anonymous said...

හෆෝයි ෆා....
අමතක කරල දාන්න අනේ...
ඔයා තරහින් ඉද්දි අපිට දුකයි නේ.....

රොකියා | Udara said...

පික්සු හැදෙන සඳ කියුවලු. හැබැයි කතාවනම් සහතික ඇත්ත.

කංචු said...

කොහිද සීමා මායිම් සිතුවිලි නිම්නයේ සැරි සරන අපට...

ඔන්න අපිත් එනව සටනට.....

Buru Babe said...

මම නම් හිතන්නේ අනිත් අයගේ කතා ගැන හිතලා ඔයා අවුල් නොවී ඉන්න බව එයාලට පෙන්නුවොත් ඒ හොඳටම ඇති. මගේ විදියට නම් ඒක තමයි හොඳම ඩිෆෙන්ස් එක.

වන්නි said...

උන්ට අපි පෙන්නමු, අපේ තරම, වලියෙන් නෙමෙයි, ජීවත් වෙන විදිහෙන්. හැබැයි, බැරිම වුනොත් "වලියෙන්". :)

Teena said...

@raala
හ්ම්.. ගොඩාක් අමතක කරලා දාලා වගේ තමා ඉන්නේ.. ස්තූතියි මේ පැත්තේ ආවට

@රොකියා
හිහ්... ඇත්ත නේන්නම්

@කංචු
ඒක ඇත්ත අපිවත් මේ සීමා මායම් බිඳලා දාන්න ඕන.....ස්තූතියි.
@Il mondo di una povera pazza

ඒක ඇත්ත.. ඒක තමා හොඳම ක්‍රමේ එයාලව වට්ටන්න.. තෑන්ක්ස්.

@කුෂාන්
අනි අනි.. දාන්න පහක්.

පසන් Sid said...

akkaz...1 ඉදන් 10 ට ගැනල ආයෙ 10 ඉදන් 1 ට ගනින්න......