January 14, 2009

Feeling Blue



නිල් අහස,නිල් මුහුද,නිල් ඇස් විශ්වයේ ඈතට ගිහින් බැලුවොත් අපි මේ දැන් ඉන්න නිල් පෘතුවිය.
මේ වගේ මම කැමතිම පාට වට පිටාවේ හැම තැනම වගේ තියෙන එක මොන තරම් දෙයක්ද?
මතක ඇති කා‍ලෙක ඉදලා මගේ කැමතිම පාට නිල්.
ඇඳුමක ඉඳලා කොණ්ඩෙට දාන්න wool band එකක් ගන්න ගියත් මගේ ඇහැ යන්නේම නිල් පාට දේවල් වලට.
විශේෂයෙන්ම නිල් සාරිය මගේ ප්‍රියතම ඇඳුම.නිල් පාටයි , මායි අතර ලොකු බැඳීමක් තියෙනවා කියලා මට හිතෙනවා.
හොඳට අස් කරලා තියෙන වෙලාවකට මගේ ඇඳුම් අල්මාරිය ඇරලා බැලු‍වොත් හැම තට්ටුවේම නිල් පාට ඇඳුම් අඩුම ගානේදෙකක් වත් තියෙනවා දකින්න පුළුවන්. English එකෙන් ‍feeling blue කියන්නෙ "දුකින් ඉන්නවා" කියන අදහස.ඒත් මගේ අදහස නම් feeling blue කියන එකේ තේරැම "සතුටින් ඉන්නවා" , "නැවුම්ව ඉන්නවා" කියලා වෙනස් වෙන්න ඕන කියන එක.මම දකින්නේ නිල් පාට නැවුම් බවේ හා පිවිතුරැ බවේ පාටක් විදියට.
හිහ් හිහ්.......! සුද්දන්ට සිංහල කියවන්න පුළුවන්නම් මට නඩු දායිනේ.
අද මම බ්ලොග් එකට Post කරන්න සටහනක් ලියන්න හිතාගෙන මගේ Notebook එක අරගෙන ඇඳට නැඟලා වට පිට බැලුවා.එතකොටයි මම දැක්කේ මම ඇඳන් ඉන්නේ නිල් පාට Jersey එකක් කියලා. මගේ ඇඳට දාලා තිබුනේ නිල් පාට Bed sheet එකක්.ඇඳ ‍කොනේ මම අද වැ‍ඩට ඇන්ද නිල් පාට සාරි‍ය නමලා තියෙනවා. බාගෙට ඇරිච්ච Hand Bag එකෙන් මගේ නිල් පාට මූණ පිහදාන පුංචි Towel එකයි නිල් පාට කු‍ඩෙයි පේනවා. මෙහෙම කියා‍ගෙන කියා‍ගෙන යද්දී ඔයාලගේ හිතේ මගෙන් අහන්න ප්‍රශ්නයක් නලියන බව මට දැනෙනවා. හිහ් හිහ්.......! ඒත් ඒ ප්‍රශ්නෙ මගෙන් අහන්න නම් එපා.
I am always feeling Blue.

8 comments:

malee_msg said...

මේ මේ මාත් ඔයාගේ පැත්තේ මමත් නිල්පාට ට හරිම ආසයි...හැබැයි ඔයා තරම් නම් වෙන්න බෑ... මොකද මම වැඩිපුර අදින්න කැමති කළු පාට ඇදුම්..හැබැයි පාටක් විදියට නිල් පාටට නම් හරීරීරීරීම ආසයි!

යූත්මැක්ස් said...

හා හා... මගෙන් සුභ පැතුම්... නිල් පාටට ඔයා ගොඩක් කැමති නිසා එහෙමම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා෴

Anonymous said...

මමත් නිල් පාටට ආසයි. නමුත් කළු පා‍ටට හුරු ඇඳුම් තමයි මමත් වැඩිපුරම අඳින්නේ.

feeling blue කියද්දි මගේ හිතට ආවෙ Corrs එක්ක Bono කියන When the stars go blue සිද්දුව. :)

Teena said...

Malee - හයියෝ...! ඔයා විශ්වාස කරනවද මලියෝ? මාත් ආසයි කළු අඳින්න. කළු ඇන්දම සුදු නැති අයත් සුදුයි වගේ පේනවා.අපි දෙන්නම සුදු නිසා අපිට නම් ප්‍රශ්නයක් නෑ නේද? හික්..හික්..!

යූත්මැක්ස් - thanx

haresheranga - ඔයත් මලී වගේ පොරක්නෙ..!

malee_msg said...

හිකිස් ඔව් ඔව්.. කුණු ගැවුනත් වැඩිය පෙන්නේ නැහැ නේ අනේ..!හික් හික් හික්..!

Kanch said...

අනේ මමත් ඔය නිල් පාටට හරී ආසයි.. ඒ වගේම මම රෝස පාටටත් හරී ආසයි... ඔයාට නිල්ම නිල් දවසක්!!!

Teena said...

T.Kanch - ඇත්ත තමා කාන්චි. රෝස පාට ඇන්දම ගෑණු ළමයි ලස්සනයි.

Naදී said...

නිල් පාටට කැමතියි නිසා නෙමෙයි නිල් පාට සාරි අඳින්නෙ තියෙන්නේ එචිචරනේ නේද?;)