January 16, 2009

ඔබ

මගේ හෙවනැල්ල වගේ මගේ දුක සැපේදි මගේ ලඟින්ම ඉන්න මගේ ආදරේ ගැන ගොඩාක් ආදරේ හිතුන වෙලාවක ලියවුනු කවියක් නොවන කවියක්......!


ඔබ,
දෙතොලග නිතරම රැදෙන කවියක්,
මගේ ඇස් රතු කරන කඳුළක්,
මා වෙහෙස කරවන සිනහවක්,
හදවතට ඇවිත් යන හුස්මක්,
දිවා රෑ ගැහෙන හද ගැස්මක්,
මා තනි නොකරන සෙවනැල්ලක්,
නින්දෙනුත් පෙනෙන සිහිනයක්,
හිතම මත් කරන මී විතක්,
වැටෙන්නට නොදෙන වාරුවක්,
මග එළිය කරන තරු වැටක්,
මා තෙමන ආදර වැස්සක්,
මා වටා එතෙන මල් සුවදක්,
කන්න බැරි සැර මිරිස් කරලක්,
වෙහෙස නිවන සුව නින්දක්,
දෙවියන් දුන් අනඟි වරයක්,
රසම රස ස්ට්‍රෝ‍බෙරි පුඩිමක්,
පාට දහ අටක දේදුන්නක්,
ඉවරයක් නැති විශ්වයක්,
නිතර නෙත් හොයන රස දසුනක්,
මගේ මුළු දිවියම කෙටියෙන් ලියූ කල
ලැබුනු ලස්සනම වචනයක්..........!

7 comments:

සු෴ said...

Ahannath Pin karala thiyenna oni :D

Kushan Sasanka said...

ඇත්තටම ඔහු කෙතරම් වාසනා වන්ත ඇද්ද? මේ තරම් ලොකු ලන්සුවක් ඔහු වෙනුවෙන් ඔබ තබන බව ඔහු දන්නවා නම්... ඔහු කෙතරම් සංතෝෂවනු ඇත්ද?

malee_msg said...

අම්මියෝ.. හරිම ‍ආදරෙයි වගේ..!

Bo said...

පද එකිනෙක කියවද්දී එහි ගැබ්ව තිබූ ආදරය සෙනෙහස බොහෝසේ දැනුනා. සුන්දරයි !

ෆා said...

සු - බොහෝම ස්තූතියි!

Kushan - ඇත්තටම වාසනාවන්ත ඔහු නෙමෙයි. මමයි.

මලී - ‍ආදරෙයි...‍ආදරෙයි...! පණටත් වඩා.

බෝ - බෝට බොහෝම ස්තූතියි...!

Nadee said...

මචං Fa ඇත්ත්ටම "ඔබ" කවිද?

ෆා said...

නදී - මම ෆා නේ අක්කා.....