December 7, 2008

Recovered

මීට අවුරැද්දකට විතර කලින් (බොහොම ප්‍රාථමික අවදියේ) මගේ අතින් කෙරැන නිර්මාණ කිහිපයක් මගේ පරිඝණකයේ අතරමං වෙලා තිබුන Folder එකක තිබිලා මට හම්බ උනා. ඕං බලන්ඩකෝ ඒ කාලේ මගේ වැඩ.









15 comments:

Chanaka Aruna Munasinghe said...

හරි ලස්සනයි.

malee_msg said...

අනේ මම අදනේ ඔයාගේ බ්ලොග් එක හරියට බලන්න වෙලාවක් හොයාගත්තේ..තීම් එකේ ඉදන් හැම දේම හරිම ලස්සනයි... ලියලා තියන දේවල්.. ලියලා තියන විදිහ හා සියල්ලම... මේ නිර්මාණත් ඇතුළුව...!

සරත් ගුණතුංග said...

නවතම රටාවක රසබර පද ගොත න
නව කිවිඳියකි, ආදරයක තතු කිය න
ලස්සන පද වැලකි අප හමුවට ගෙනෙ න
ආසයි කියවන්න තව තව ලියනු මැ න

Anonymous said...

දිගටම ලියන්න ලැබේවා. සුබ පතමි.

සරත් ගුණතුංග said...

දුව, මම දන්නෙ නැති නිසයි අහන්නෙ. මේ වචනය පාවිච්චි වෙන්න පටන් ගත්තෙ මම ලංකාවෙන් ආවට පස්සෙ. මොකක්ද හරි පරිගණකයද? පරිඝනකයද? පරිඝණකයද? පරිගනකයද?

මම මෙපමණ කලක් පරිගණකය කියල ලිව්වෙ.

ශාකුන්තල | Shaakunthala said...

සිංහල දන්නෑ කිව්වට ඔය කවිත් ලියන්නෙ යස අගේට... :) අපූරුයි.

"ඕං බලන්ඩකෝ ඒ කාලේ මගේ වැඩ."
පේනව පේනව වැස්සෙ තෙමි තෙමී වැඩ... lol

සරත් ගුණතුංග said...

@ශාකුන්තල, පුතේ වරද්දල හිතන්න එපා, මට හොඳට සිංහල පුලුවන්. පරගණකය කියන වචනය මම භාවිතා කරල නැහැ. එච්චරයි ප්‍රශ්නය. කවිත් හොඳට ලියන්න පුලුවන්. මගේ නමේ මුල අකුරු KS, ඒ නිසා ඉස්කෝලෙදි මට "කේයස්" කියල නමකුත් පටබැඳිල තිබුන. 60 ගනන් වල ඉරිදා ලංකාදීප පත්තර බැලුවොත් මම ලියාපුව බලන්න පුලුවන් වෙයි.

ශාකුන්තල | Shaakunthala said...

අනේ නෑ ඔබතුමාට ‍නෙවෙයි කිව්වේ. මේ බ්ලොග් එකේ අයිතිකාරි, ෆා අක්ක සංසදයේ ගූග්ල් සමූහයෙ කියල තිබුණා සිංහල ජාතිකයෙක් නොවන නිසා ගොඩක් අඩුපාඩු ඇති කියල. ඒකයි මම එහෙම කිව්වෙ. වැඩියම හිතල ලියපු දෙයක් නෙවෙයි.

Kanch said...

හරිම ලස්සනයි ඔයාගේ නිර්මාණ වගේම ඔයත්..:D

Kanch said...

ආයෙත් නොඑන බව දැනගෙනත් මග බලාගෙන ඉන්නේ ඇයි?

Teena said...

Chanaka & Malee දෙන්නටම බොහොම ස්තූතියි, සරත් මහත්මයා ඔබ හරි. හරි වචනය වෙන්නෙ පරිගණකය. මම මේ දැන් මධුර ශබ්ද කෝෂයෙන් පරීක්ෂා කරලා බැලුවා.
ශාකුන්තල මල්ලියෝ ඔය ඉන්නෙ නම් මම නෙමෙයි.පින්තූරෙ ලස්සන දැකලා මට හිතුනා ඒකට සිතුවිල්ලක් එකතු කරන්න.T.Kanch ඔබේ ඇගයීමට බොහොම ස්තූතියි.තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් මඟ බලං ඉන්න එකෙත් පුදුමාකාර සතුටක් තෘප්තියක් තියෙනවා නේද?මට නම් හිතෙන්නෙ එහෙමයි.

Bo said...

ඇත්තටම සුන්දර සිතුවිලි රැගත් කාව්‍ය නිර්මාණ සමූහයක්. බොහොම අගෙයි නංගී, බ්ලොග් එකේ තීම් එකත් ගොඩාක් ලස්සනයි. හරිම සරලයි. දිගටම ලියන්න, පුළුවන් හැම වෙලාවෙම කියවනවා.

ආගන්තුකයා | Stranger said...

පරිගණකය... මුලින්ම තිබුනු ගණක රාමුව ඇසුරින් හැදුනු වදනක්... ඉතින් වෙද මාමා ලියපු විදිහ හරි....ඔන්න මමත් බ්ලොග් එක සම්පූර්ණයෙන්ම බැලුවෙ අද තමා.... කලින් සබැඳුම දාගත්තා....

තුෂාර ජයරත්න. said...

අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ....
සත්තමයි.. අහිමි අතීතයක දුක දන්නෝ චවන් දුකක් විදි අය විතරයි...
(අපි හුගක් වෙලාවලට අතීතයේ අහිමි වූ දෙයට දුක් වීමක් හැරෙන්න අනීතයේ ලැබූ දෙයට සතුටු වීමක් නොකරන්නේ ඇයි? මම මගෙන්ම සහ ඔබලා සැමගෙන් අහන්නේ?)
හිනා වෙන්න එපා මාත් එහෙමයි....
(බදුල්ලෙන් දැන් බ්ලොග් අඩවි වැඩිවීම සතුටු විය යුතු කරැණක්....)

ආගන්තුකයා | Stranger said...

ඇත්ත කතාව... කතාවක් තියෙනවනේ වින්ද සතුටට වඩා ලැබුනු දුක හිතට ලෙන්ගතුයි කියලා.අපි හැමෝම පරණ අපිට ලැබුනු දුක් ගැන හිත හිත තාමත් දුක් වෙන්නේ එ දුක අපිට එච්චරට ලෙංගතු නිසා වෙන්න ඇති...