August 3, 2010

කට කහනවට……!

දිල්ෂාන් ව ඉස්සෙල්ලා බැට් කරන්න දැම්මේ අපරාදේ..
මෙහෙම කරා නම් මැච් එක දිනන්න තිබුනා......
ඔයා සයන්ස් කරේ අපරාදේ කොමස් කරා නම් ..
බෑන්ක් ජොබ් එකක් වත් හම්බෙන්න තිබුනා...
ගම්මිරිස් දාලා හදනවට වඩා මිරිස් දාලා බලන්න..
එතකොට ‍හොද්ද මීට වඩා රසට එනවා...
දැන් ඉතින් ඇඬුවා කියලා ගිය මනුස්සයා එන්නේ නෑ..
කඳුළු පිහිද ගෙන හිත හදා ගන්න බලන්න...
මේ විදිය වැරදියි.. අපේ අය මෙහෙම අටෑක් කරා නම්..
යුද්දේ මීට කලින් දිනන්න තිබුනා..
අපෝ එයා ඩෙනිම් කලිසම් ඇන්දම කැතයි...
ෂල්වාර් එකක් වත් ඇන්ද නම් හොඳට තියෙයි..

උපදෙස් දෙන්න ලේසියි.. කවද හරි තමනුත් ඒ ප්‍රශ්නෙට මුහුණ පාන කල්....

13 comments:

Shadow/හේමලයා said...

අනුන්ගේ ප්‍රශ්න වලදි අපි හැමෝම දාර්ශනිකයෝ තමා....නැද්ද මං අහන්නේ.....:)

Jay said...
This comment has been removed by the author.
Jay said...

නියම පෝස්ට් එක ෆා..
සුපිරි..!
:)

said...

සහතික ඇත්ත. උපදෙස් විතරයි නිකන් හරි සල්ලි වියදම් වෙන උපදෙසක් එක්ක එහෙම කීයක් හරි දෙන්න එහෙම හිතන්නේ නැහැ. :-D

දුමී said...

ඒයි, නඩු දානව නම ඉස්සුවාට !!

චමිදේවා said...

මට නම් හිතෙන්නේ අර අවසානෙට කියලා තියන එක තමා හිතට තදින් වැදිලා තියෙන්නේ...(අරකට වඩා මේක ඇන්ඳොත්...)
දවසේ සිදුවීමක්දෝ මන්දා...

Teena said...

Shadow/හේමලයා ->
අනිවා අනිවා..සමහර වෙලාවට මමත්!

Ansh Lucky Sri Jay ->
තැන්ක්ස් සිස්ටර්!

ම ->
හ්ම්..උපදෙස් දෙන එකත් සල්ලි වියදම් වෙන වැඩක් නම් හොඳයි. එතකොට එකෙක් කට අරින එකක් නෑ.. :-)

දුමී ->
හුටස්! මේ කට කහන අයියණ්ඩි නේද? මොනා කරන්නද බ්‍රෝ. මගෙත් කට කැසුවනේ..

චමිදේවා ->
හිහි!ඔක්කොම එදිනෙදා සිදුවීම් තමා සහෝ..

පසන් Sid said...

facebook chat කරලා බෑ exam 1 pass වෙන්න.....ලොල්

හෙළයා said...

උපදේශන සේවයට කොහොමත් වැඩි පිරිසක් දක්ෂයිනේ.
හේමලයා කිව්වත් වගේ අනුන්ගේ ප්‍රශ්ණෙකදී අපි දාර්ශණිකයෝ.
නියම පද පෙල.

priyantha said...

කියන්න තියනදේ කට්ටිය කලින්ම ලියල ගිහින්. අපි දාර්ශනික අනුන්ගේ ප්‍රහන වලදී විතරක් වෙන එකනේ පුදුමෙ කියන්නේ.

Teena said...

පසන් තරිඳු ->
හිහි!! මේ අලුත් තාලේ උපදෙසක් ද?

හෙළයා ->
ස්තූතියි සහෝදරයා..

priyantha.ඒබී ->
ඒකනේ.. ඒත් අපි කාට හරි උපදෙස් දුන්න ප්‍රශ්නෙට අපිටම මුහුණ දෙන්න උනාම තමා තේරෙන්නේ.

තක්ෂිල said...

ඕහොම කියනක එක අපේ ඡන්මෙන්ම එන එකක් නේ අක්කේ.එහෙම කිව්වේ නැත්තන් ඇත්තටම කට කහනවා.

ඉලංදාරියා said...

100% ඇත්ත...

උපදෙස් දෙන්න ලෙහෙසියි...