May 20, 2010

මියැදෙන සිතුවිලි

බ්ලොග්, බ්ලොග්, බ්ලොග් බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ පිස්සුවෙන් වගේ  බ්ලොග් ලිව්වා. පිස්සුවෙන් වගේ  බ්ලොග් කියෙව්වා . ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ. මම හැමදාම ලැබෙන විනාඩි දෙක තුනක විවේකයේදී මගේ බ්ලොග් අඩවි දෙකට ගිහින් හූල්ලනවා. කමෙන්ට් බලලි දුක් වෙනවා. මට මොකද වෙලා තියෙන්නේ හිතා ගන්න බෑ. ඉස්සර වගේම සිතුවිලි නිම්නයේ සිතුවිලි ඟග ගලනවා තාමත්. ඒත් එදා තරම් ඒ සිතුවිලි ලස්සන නැහැ. හැඩ වැඩ නෑ. පාටක් නෑ. ඒ හින්දා අනිත් අයත් එක්ක බෙදා ගන්න තරම් ඒ සිතුවිලි  සුන්දර නෑ. මගේ සිතුවිලි  එක තැන පල් වෙලා මියැදෙනවා වගේ දැනෙනවා.

4 comments:

Ravin Caldera said...

බොලොග් ලිවිල්ලත් ජීවිතේ වගේ නේ! වරක් කැමතියි. . . උද්යෝගී යි! ජීවිතය සුන්දර යි. අනෙක් විට මුසලයි; කම්මැලියි; දුක යි. ලියවෙන්නේ නැහැම යි. අත්හරින්නේ නැතුව ලියන්න...අන් අයට ම නොවේ. ඔබට. එවිට කළ නිර්මාණ ගැන සියුම් මිහිරක් විඳින්නට පුළුවන්...එහෙම නේ ද?

Anonymous said...

ලියන්න ලියන්න තමයි සිතුවිලි මුවහත් වෙන්නේ. නිකන් උන්නම මළකඩ කනවා. පල්වෙනවද නැද්ද බලන්න ලිව්වනම් හොඳා නේද අක්කේ ???

Teena said...

Ravin Caldera -දිරි ගැන්වීමට ස්තූතියි,ඔබේ කතාව සම්පූර්ණයෙන්ම සත්‍යයක්! බ්ලොග් ලිවීම ළඟදීම පටන් ගැන්න ඕනා. ස්තූතියි නැවතත්.

roylyfernando - ස්තූතියි මල්ලි. සිතුවිලි මුවහත් කරන් ආයෙත් ලියමු එහෙනම්.

Naදී said...

පිස්සු හැදෙයි. ලියමු ලියමු ආයෙත්. කමෝන් බ්ලොගී..