November 7, 2009

The Classic

පුංචි කාලේ ඉඳලම මම ෆිල්ම් බලන්න ආසයි.ඒත්පොඩි කාලෙ හින්දි ‍ෆිල්ම් එකක් වත් බලන්න දුන්නේ නැහැ අපේ ගෙදර අය.ඉතිං කලාතුරකින හරි ෆිල්ම් එකක් බලන්න හම්බ උනොත් ‍කට ඇරගෙන බලන් ඉන්නවා.ඒත් කාලයත් එක්කම නළුවයි,නිළියයි,දුෂ්ඨයයි ඉවරයක් නැති ගහ ගැනීමුයි,සින්දුයි අනං මනං පිරිච්ච පිස්සු විකාර වැඩි වෙච්ච නිසාම හින්දි, ටැමිල් ෆිල්ම්ස් එපා වෙලා ගියා.කලින් තරම් උවමනාවක් ආසවක් නැති උනත් ඉදල හිටලා තමයි දැන් ඒ වගේ ෆිල්ම් එකක් බැලෙන්නේ.ඒ ඇරෙන්න ආසාවෙන් බලන්නෙ කාටුන්, ඇනිමේෂන් සහ ලස්සන ආදර කතා තියෙන ෆිල්ම්ස් විතරයි.ඉතිං ඔහොම ඉද්දි අපේ කුෂාන් අයියණ්ඩි මට කොරියන් ෆිල්ම් දෙක තුනක් දුන්නා බලන්න.එහොම එකක් දෙකක් බලා ගෙන යන කොට මට තේරුනා හින්දි,ටැමිල් ඉංග්‍රිෂ් ෆිලම් වලට වඩා මේවා කොයි තරම් ලස්සනද කියලා.දැන් මම කොරියන් ෆිල්ම් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ.ඒ ෆිල්ම් දෙක තුනක් තියේ නම් දවසම උනත් නොකා නොබී බලන් ඉන් පුළුවන්.


මේ චිත්‍රපට වල මම දකින විශේෂත්වයන් කිහිපයක් තියෙනවා.


01 - හරිම තාත්විකයි. ගොඩක් වෙලාවට තියෙන්නේ ඇත්ත ජීවිතේදි වෙන, වෙන්න පුළුවන් දේවල්. ඒ නිසාම කතාව හිතට වදිනවා වැඩියි. සුරංගනා කතාත් නැතුවම නෙමෙයි. හැබැයි මම බලපු ගොඩක් ඒවල තියෙන්නෙ අර කලින් කිව්වා වගේ බොහොම සරල, ඇත්ත ජීවිතේදි වෙන සිදුවීම්.


02- ආදරට ගැන උපරිමයෙන් කියනවා. හින්දි ෆිල්ම් වල වගේ මල් ගස් අස්සේ නට නටා බොළඳ විදියට ආදරේ ගැන කියන්න යන්නේ නැහැ. බලන තනිකඩයෙකුට උනත් කාටහරි ආදර කරන්න හිතන විදියට බොහොම සුන්දරව ආදරේ ගැන කියලා දෙනවා.


03 - වැඩිහිටියන්ට පමණයි දර්ශන අඩුයි. තිබුනත් ඔලුව කුරුවල් කරන අප්පිරිය හිතෙන විදියට නැතුව රස විඳින්න පුළුවන් විදියටයි තියෙන්නේ. ඔයිට හාත්පසින්ම විරුද්ධ ජාතියේ ඒවත් ඕන තරම් ඇති. ඒත් මම බලපු ඒවල නම් ඒ වගේ දර්ශන බොහොම අඩුයි සහ නැතිම තරම්. ඒ නිසා බය නැතුව පවුලේ අයත් එක්ක වාඩිවෙලා බලන්න පුළුවන්.


තවත් නොතේරෙන මේකයි කියලා කියන්න බැරි ගොඩක් හේතු නිසා මම මේ ෆිල්ම්ස් වලට හරිම ආසයි. මේ කියන්න යන්නෙත් අර ඉහත කියපු ලක්ෂන උපරිමයෙන්ම තියෙන හරිම ලස්සන ෆිල්ම් එකක් ගැන. ෆිල්ම් එකේ නම The Classic. මම මේ වෙන කොටත් දෙතුන් පාරක්ම බලලයි තිනයන්නේ.මම මේ ෆිල්ම් එකට කොයි තරම් ආසද කියනවා නම් ඒකේ OST එකත් බාගෙන ෆෝන් එකට දාගෙන හැම වෙලේම අහගෙනයි ඉන්නේ. ඒ ෆිල්ම් ඒකෙ තියෙන ලස්සන නිසාම ඔයාලටත් මේ ගැන කියන්න හිතුනා.
මට ‍පුළුවන් විදියට විස්තර කරොත් කතාවේ සාරාංශය මේකයි. මෙතන ආදර කතා දෙකක් තියෙනවා. එකිනෙකාට ගොඩක් ආදරය කරන දෙන්නෙකුට යම් හේතූන් නිසා එක් වෙන්න බැරි වෙනවා. ඒත් ඔවුන්ගේ වෙන් වීමම අනික් ආදරවන්තයන් දෙදෙනාගේ එක්වීමට හේතුවක් වෙනවා. මම මීට වඩා විස්තර කරන්න යන්නේ නැහැ.ඔයාලම බලල හිතා ගන්න කොයි තරම් නම් ලස්සන කතාවක්ද කියලා. බලලා ඔයාලගේ අදහස් දක්වන්න.
මෙතැනින් තවත් විස්තර දැන ගන්න.
බාගන්නව නම්
OST එක බාගන්න

12 comments:

චමිදේවා said...

උඹත් මං වගේමයි නංගියේ.මමත් හොයන්නෙම ඔයවගේ ඒවා තමයි.බයිස්කෝප් එකේ ඒවගේ ඒවා ඉඳලා හිටලනේ යන්නේ.බලලා තියන ඒවගේ විස්තර හරි, නම් ටික හරි පුලුවන්නම් දෙන්න.හොයාගෙන බලන්න....

මේ මං ලඟ තියන ෆිල්ම් එකක්.
Be With You (2004) Japanees
http://isohunt.com/torrent_details/17975164/Be+with+You,?tab=summary

Unknown said...

මෙන්න කෙල්ලොත් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක්ස් දෙනවෝ.... මේ දැක්කමයි! එළ එළ හි හි හි....

malee_msg said...

මම කොරියන් එවා නම් බලලම නෑ.. ජපන් ඒවා නම් ටිකක් තියනවා. ඒකෙන් මම වැඩියෙන්මේ හිත ගිය ෆිල්ම් එකේ නම් දිව අග තියනවා ඒත් එන්නේ නෑ.. මතක් උනු ගමන් ඇවිත් කියන්නම්. හොයන් බලන්න.

Anonymous said...

mamath indala hitala balanawa.me mata mathaka widiyata honda film tikaka.

the classic
my sassy girl
windstruk
a moment to remember
200 pounds beauty
my little birds
dady long legs
teagukgi
hangul
pabo

Teena said...

චමි.දේ.වාට - ඒක තමයි. බයිස්කෝප්ට යෝජනා කරන්න ඕන ඒ වගේ ෆිල්ම් ගැනත් දාන්න කියලා. එත කොට අපේ අයත් බලන්න පුරුදු වෙයිනේ. ඔයා කියපු ෆිල්ම් එක ගැනත් හොයලා බැලුවා. imdb එකේ user rating එක 8.0/10යි. මම හිතන හැටියට හොඳ ‍ෆිල්ම් එකක් වගේ.අනිවාරියෙන්ම down කරලා බලන්න ඕන. A moment to remember කියන්නෙත් මම බලපු ලස්සන Korean Movie එකක්. තව ෆිල්ම් දෙකක් දැනටමත් බෑවෙනවා. බලලා කියන්නම් හොඳේ.Be With You ගැන කිව්වට බොහොම ස්තූතියි.

ශ්‍රී ට - හිහ් හිහ්. අපිත් ෆිල්ම් බලනවා, හරිද මල්ලී.......!

මලීට - හපොයි කොරියන් ඒවා එපැයි බලන්න, මම කියනවට අර ෆිල්ම් එක බාගෙන බලන්නකෝ. ඔයත් දිගටම කොරියන් ෆිල්ම්ම බලන්න ගනීවි. ආයෙ දෙකක් නෑ.මේ........ අර දිව අග තියෙන
එක තාම මතක් උනේ නැද්ද?

Anonymous ට - හ්ම්...මේ තියෙන්නේ ලිස්ට් එකක්ම. My Sassy Girl නම් හොඳයි කියලා මාත් අහල තියෙනවා. ඒකෙ english remake එකත් තියෙනවා. A moment to remember මම බලලා තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. The Classic movie එකත් බලන්න. ෆිල්ම්ස් ලිස්ට් එකට බොහොම ස්තූතියි.

Anonymous said...

Oya balapu hoda films tikaka links denna barida?

LG said...

මමත් කොරියම් ‍ෆිල්ම් කීපයක්ම බලලා තියෙනවා...ලස්සනයි..

මේ ‍ෆිල්ම් එක මම දැන් බලලා ඉවර උනා විතරයි

රොමෑන්ටික් උපරිම ;-) tnx මේක ගැන කිව්වට ;-)

රොයිලි said...

ඔන්න බයිස්කෝප් එකට මේක සිංහල සබ් දාලම දෙන්න හිතුවා. දැන් තමයි පටන් ගන්න යන්නේ. බය තියෙන්නේ සීඩ්ස් නැති එකයි. ඕනා දෙයක් වෙච්ච දෙන් කියලා සිංහල දාන්න ගන්නවා.

ස්තූතියි ඔත්තුවට :)

Teena said...

Anonymous - මගේ අලුත් පොස්ට් එකේ ඔබට පිළිතුරක් ඇතැයි සිතමි.

LG - You are welcome bro!

රොයිලි - වැඩේ නම් නියමයි!මගේ සුබ පැතුම්!!:-D

පැණියා said...

හිරු කිරණ මුහුදු දිය මත වැටී දිලිසෙන උදෑසන, මම ඔබ ගැන සිතමි
මුදු සඳ කැන් දිය රළ මත වැටී දිලිසෙන රාත්‍රියේ, මම ඔබ ගැන සිතමි
ඔබ කොහි සිටීදැයි මම නොදනිමි
එහෙත් ඔබ සමග බැඳුණු ආදරයට මම ආදරය කරමි

Teena said...

අනේ මේ ඔය ෆිල්ම් එකේ අර අහවලා අහවලීට ලියන කවිය නේද? ඔයා නම් කවුරු උනත් කවිය ලස්සනට පරිවර්තනය කරලා තියෙනවා.පරක්කු වෙලා හරි දැක්ක එක ලොකු දෙයක්. ස්තූතියි.

Narada said...

Just finished watching it, I like it. but not much as much as I liked A MOMENT TO REMEMBER. :-)