November 4, 2009

පසු ගිය කාලේ


හැමදේම වෙන්නේ හොඳටයි කියලා ඔබ විශ්වාස කරනවද? මම නම් විශ්වාස කරනවා. මම එහෙම හිතන්න පුරුදු උනේ මගේ ජීවිතේ පසුගිය කාලය දිහා බලලා. එක සිදුවීමක් ඔස්සේ අපිට කොයි තරම් දේවල් අහිමි වෙනවද, ඒ වෙලාවට අපි කොයි තරම් නම් අසරණ වෙනවද කියලා මම ඉගෙන ගත්තෙත් ඒ කාලේ.

මේ අවුරුද්ද ආරම්භයම ඒ තරම් සුභ නැති බව මට තේරුනේ රුකියාවේ අවිනිශ්චිත බවක් පෙනෙන්න තිබුන නිසා.ඉන් පස්සේ අනුමාන කරා වගේම රස්සාවත් නැවතුනා.මනුස්‍සයෙකුට මොනාහරි දෙයක අගය තේරෙන්නෙ ඒ දේ අහිමි උනාමනේ. ඒ වගෙම එතෙක් කල් නොතේරුන රස්සාවේ අගෙත් මට තේරුනේ ඒ වෙලාවේ.රස්සාව එක්කම බැඳිලා තිබුන මගේ තව තවත් පුංචි පුංචි පුරුදු ඇණ හිටින්න ගත්තා.මාසෙකට සැරයක් පොතක් ගන්න පුරුද්ද, නිමක් නැති සාප්පු සවාරිම, හැමදාම දකින්න ආස කරපු මගේ සමීපතයන් කොටින්ම මගේ මේ බ්ලොග් ලිවිල්ල පවා මට නැති උනා.

තටු ගලවලා දාපු කුරුල්ලෙක් වගේ ඔහේ ගෙදරට වෙලා හිටපු කාලෙක තමා මාව ගලවාගන්න ආපු දේවදූතියක් වගේ මගේ ආදරණීය අම්මා අවුරුදු දෙකකට පස්සේ මැදපෙරදිග ඉඳලා ලංකාවට ආවේ.කලින් වතාවේ අම්මා ආපු දවස් වල මම උදේම රස්සාවට ගිහින් රෑ වෙලා ගෙදර එන හින්දා මට අම්මත් එක්ක ගත කරන්න උනේ බොහොම ටික කාලයයි.ඒත් මේ සැරේ මාස දෙකක් පුරාවට අම්මත් එක්කම කාලේ ගෙවන්න මට පුළුවන් උනා.නිවී හැනහිල්ලේ අම්මටයි මටයි අදහස් හුවමාරු ගන්න පුළුවන් උන හින්දම කරුණු පහදලා දීලා මගේ අනාගතේ හදා ගන්න අම්මගේ ආශිර්වාදය ලබා ගන්නත් පුළුවන් උනා.

ඔය අතරෙදි තමයි මම ඉල්ලුම් කරපු තනතුරකට සම්මුඛ පරීක්ෂණයකට කැඳවීම් ලැබුනේ.ඒකටත් සහභාගී වෙලා මාසයක් වගේ කාලෙකින්,එතෙක් මම ගෙවපු ඒ උදාසීන ජීවිතයට නැවතීමේ තිත තියලා මට පත්වීමේ ලිපිය ලැබුනේ බණ්ඩාරවෙලට. හැමෝටම වගේ මටත් මුලදි අනේ අපොයි කියලා කියවුනා, මට හුරු පුරුදු බදුල්ල දාලා, හදිස්සියකට නෑයෙක්වත් ළඟ නැති පැත්තකට මට යන්න වෙන එකට.ඒත් පස්සේ කල්පනා කරලා බලද්දි කලින් නොපෙනුන කාරණා ටිකක් මට පෙනෙන්නට පටන් ගත්තා.මේ මට හැමදේම අළුතින් පටන් ගත්න ජීවිතය විසින්ම දුන්න තවත් අවස්ථාවක් වෙන්න බැරිද? මම හිතුනෙ එහෙමයි.

ඔන්න ඉතිං ඔය සිතිවිල්ල ඔස්සේ,හැමෝගෙම උදව් ඇතුව මගේ පඩි පැකට් එකට හරියන විදියේ පුංචි ගේ පොඩ්ඩකුත් හොයාගෙන මම සුන්දර ණ්ඩාරවෙල නගරයට සංක්‍රමණය උනා. ඉතිං මේ තමයි මගේ කතාව. මේත් සාරාංශය විතරයි.

හොඳට හිතලා බලද්දි නැති උනාට වඩා ගොඩක් දේවල් මට දැන් හම්බ වෙලා තියෙනවා.මේකට වෙන්න ඇති ජීවිතේ කියන්නේ. "ජීවිතේ සුන්දරද මෙතරම්" කියලා කියන එක්කෙනාව හොයාගෙන ගිහින් හොම්බට දෙකක් අනින්න හිතෙන්නෙත් , වෙලාවකට එයාව හොයාගෙන ගිහින් කටේ පැණි මුලක් හලලා එන්න හිතෙන්නෙත් මේ නිසා වෙන්න ඇති.

Belive it or not! හැමදේම වෙන්නේ හොඳටයි.

7 comments:

.::පිස්සා::. said...

ආපහු ආවාට බොහොම සතුටුයි...
හැම දේම වෙන්නේ හොදටලුනේ....

Kanishka | කණියා said...

අනේ මන්ද.. ජීවත් වෙන එකත් ලේසී නෑ නේද...

malee_msg said...

අනේ හරිම සන්තෝසයි..!!:) ඕල් ද බෙස්ට් ඔයාට :D

දසුන් මධුසංඛ වානගුරු said...

මාස තුන හතරකට පස්සේ අක්කට මේ පැත්තත් මතක් වෙලා තියෙන්නේ....
ඉතින් අලුත් ජොබ් කට්ට හොදින් කරගෙන යන්න
ජය! ........

ෆා ද බ්ලොගී said...

පිස්සාට - ටැන්කු

කණියාට - අනේ නෑ,ජීවත් වෙන එක ලේසීයි. ඒත් ලේසි නෑ.

මලීට - ටැන්කූ මලී. බදුල්ලේ ආපු දවසක අපේ ගේ පැත්තෙත් ඇවිත් යන්න.

දසුන්ට - අලුත් ජොබ් කට්ට නම් හිතුවටත් වඩා හොදයි මලේ.ස්තූතයි.

ආගන්තුකයා said...

පට්ට කාලෙකින් පට්ට කට්ටක් කාලා ඇවිත් වගේ. වෙල්කම්..

ෆා ද බ්ලොගී said...

ආගන්තුකයාට - හ..හ් මම බැලුවා මේ පට්ටසිරා වත්ද කියලා. හැබැයි කාපු කට්ට දැන් නම් රසයි වගේ. තැන්ක් යූ.