April 10, 2009

දැන් නිවාඩු කාලේ හින්දා නෑ කාර්යාලේ!!

දැන් නිවාඩු කාලේ හින්දා නෑ කාර්යාලේ!! හායි හායි ආාාපි ඔන්න දොයියන කාලේ..!
අදින් පස්සේ සති දෙකක කාලයක දිර්ඝ නිවාඩුවක් ඇරඹෙනවා. බ්ලොග් ලිවීමත් ඇණ හිටින්නයි යන්නේ. සති දෙකක් ගෙදර ඉඳන් මොනවා කරන්නද?හිතා ගන්න බැරුවයි ඉන්නේ. මුළු ටවුමම එකම හිස් ගොඩක්. කොච්චර කොහොම කිව්වත් මිනිස්සු අවුරුදු කෙරිල්ල නම් නවත්තන්නේ නැහැ. පුංචි කාලේ නම් අවුරුදු කියන වචනේ අහන්නත් ආසයි. අළුත් ඇදුම් අඳින්න හම්බෙන නිසා. ඒත් දැන් නම් මම ඒ පුරුද්ද ගොඩක් දුරට අතෑරලයි ඉන්නේ. ඒ හින්දා මට හැමදාම අවුරුදු වගේ තමා.
ඉතිං ලබන්නාවු සිංහල අලුත් අවුරුද්ද හැමෝටම කිරියෙන් පැණියෙන් කෙසේ වෙතත් සාමයෙන් සපිරුණ සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

9 comments:

said...

අපූරු කාර්යාලයක්නේ. අවුරුද්දට සති දෙකක්ම නිවඩු දෙන? අපිටනම් මොකුත් නැහැ.
සුභ අළුත් අවුරුද්දක් වේවා
චියර්ස්ස්ස්ස්...!!!!!

Narada said...

එල එළ, මෙහෙ නම් දවස් හතරයි නිවාඩු දුන්නේ. එකත් මහා සිකුරාදා නිසා.

කේසේ වෙනත්,
සුභම සුභ සිංහල දෙමළ අළුත් අවුරුද්දක් වේවා අක්කට.

Anonymous said...

බින්කුට නම් දවස් 4 ක් වත් තියනවා. ඒත් අපිට.....? 13 ත් වරුවක් වැඩ කරලා 15 උදේ ආපහු වැඩ පටන් ගන්නවා. වැඩ කරන්නෙ කොහෙද කියල නම් අහන්න එපා. කියන්න ලැජ්ජයි. කුරුණෑගල නගරයේ තියන ප්‍රසිද්ධම පොත්හලක් කියල විතරක් කියන්නම් කෝ...

Danishka said...

@ම

අධ්‍යාපනික ආයතන වල බොහෝ විට මෙම අවස්ථාව ලැබෙනවා. ;-)

Teena said...

ම - වෙනදට ඔහොම නෑ.වලේ වැටිලා තියෙන කොම්පැණිය ගොඩ ගන්න මේ පාර විතරක් දෙන ටොපියක්. නිවාඩු ඉවර වෙලා එද්දි මෙතන ඔෆිස් එකක් තියෙයිද කියලත් ෂුවර් නෑ. චියර්ස්ස්ස්ස්...!!!!

බින්කු - ඔබටත් එසේම වේවා මලේ

තනියා - මටත් ඔය සෙතේ මයි. වැඩකරන තැන කිව්වම මිනිස්සු ටිකක් බය වෙනව දැන්

ඩනිෂ්ක - හ හා. දැන ගත්ත නේ.

Bo said...

නිවාඩු එද්දීනම් ලොකු සතුටක් දැනෙන්නේ, ඒත් වැඩක් නොකර ඔහේ ගතකරද්දී ආයෙත් වැඩක් කරන්න ලැබුනොත් හොඳයි වගේ සිතුවිලි ඇතිවෙනවා. මාර කම්මැලියි වෙලාවකට. සුභ අළුත් අවුරුද්දක් වේවා නංඟෝ.

වන්නි said...

කරන්නම දෙයක් නැතිකමට දීපු නියාඩුවක් අරිද නංගී... නැත්තං උඹටයි මටයි අපිටයි ඇති ආදරේකට නෙමෙයි...

malee_msg said...

ආ.. මේ ඔයාට විතරක් නෙවෙයි.. අපිටත් සතියක්ම නිවාඩු... අද ඉදන් පටන් ගන්න නිවාඩුවෙන් පස්සේ අපි ආයේ යන්නේ 20 සුභ අලුත් අවුරුද්දක්ම වේවා..!

ආගන්තුකයා | Stranger said...

අපිටත් සෑහෙන නිවාඩු ගෙවල් පැත්තේ ගිහින් ආවා...