April 5, 2009

පාළු හිතක් කී කවියක්

පාර අයිනෙ උසට වැවුන ගහේ පිපුණ‍ රෝස මලේ
මට වගේම නුඹටත් සීතල දැනුනද මහ වැස්සේ
නුඹත් තෙමෙන බව නොදැනම නුඹෙ පාමුල වූ සෙවනේ
පුංචි කුරුල්ලෙක් ළගිනවා බොහෝ වෙලාවක් තිස්සේ

එහා දොරෙන් හොරෙන් වගේ පොඩිත්තියක් එබී බලා
තරු ඇස් විහිදුවා මහට ඉගි පානව සිනා සලා
පොඩිත්තියේ සිනාසුනත් නුඹ මා දෙස හොරෙන් බලා
සතුටක් නැහැ සිනා සෙන්න හිතම මගේ පාළු වෙලා

4 comments:

Anonymous said...

ඔය@ග කච්‍ර්‍ය ලස්‍ර්‍සනයි

Anonymous said...

අහිංසක ලස්සන අදහසක්!

Dasun Wanaguru said...

ලස්සනයි අක්කේ

Bo said...

බොහොම අගෙයි නංගී, සමාවෙන පමාවට.
"නෙතේ සොඳුරු දසුන් මවන රෝස තවත් පිපීයන්
හිතේ පාළු මැකී ගිහින් සොඳුරු සිනා ඇඳීයන්"