April 4, 2009

සෙනෙහසට උපන් සිතුවිලි


අදින් වසරකට පෙරාතුරව අද වැනිම දවසක දහසක් බලාපොරොත්තු හිත එක්තැන් කරගෙන ඔබ මගේ ජීවිතයට උදා වන අයුරු මම අපමණ සතුටින් බලා සිටියෙමී. ඉර හඳ තරු නම් සදාතනික වස්තූන් දිවුරා ඔබ මට ආදරය කරන බවට පොරොන්දු දුන්නා මට මතකය.වසර විසි ගණනක් පුරාවට මාගේ දෙමව්පියන්ට අයිති වී තිබු මගේ මුළු දිවියම එක නිමේශයකදී නුඹේ වූවා නොවෙද? මගේ වර්ථමානයත් මගේ අනාගතයත් ඔබේ දෑස තුළින් දකින්නට මම පුරුදු වූයේ එදා සිට නොවෙද?

ගතවු මෙම කෙටි කාලය තුලදි සෙනෙහස කොයි තරම් නම් සුන්දර දෙයක් දැයි මම දස දහස් වාරයක් මෙනෙහි කළෙමි. ඔබත් මමත් යනු වෙනස් ශරීරයන් දෙකක් තුළ බහාලන ලද එකම ආත්මයක් සේ සිතන්නට මම පුරුදු උනෙමි. ගසට පොත්තක් සේ එකට බද්ද වී ඔබේ සියළු දුක සැප හැඟීම් දැනීම් බෙදා ගන්නට මම පුරුදු උනෙමි. එතුවක් කල් කොහේදෝ සැගව මගේ යෞවනය ඔබේ සෙනෙහසේ ස්පර්ශයෙන් උතුරා ගලා ගිය අයුරු මට දැනුදු සිහියට නැගේ.

මගේ දිවියට වසන්තය ගෙනා හිරු කුමරුණි. උපදින මතු ආත්මයන් පුරාවට ඔබ මට හමුවේවායි මම පතන්නේ නැත. මා මිනිස් දුවක්ව උපන් මේ ආත්මයේදී පමණක් එකම එක වතාවක් විතරක් ඔබ මගේම වන්න. ඔබව හිමි වු ඒ උද්දාමයෙන් පමණක් මට තවත් ආත්ම ගණනාවක් ජීවත් විය හැක.ගතවු මේ සොඳුරු වර්ෂය සේම මතු උදාවන සියලු දිනයන් අපගේම සෙනෙහසින් සුවඳවත් වේවා.

4 comments:

අමා said...

ඔබේ හිරු කුමරු හා සමඟ එක්ව මුලු මහත් මනුසත් උයනම සුවඳවත් කරනා සුකෝමල කුසුමක් වී පිපෙන්නට සුභ පැතුම්!

Anonymous said...

All the best !!!

Teena said...

ස්ට්‍රෝ‍බෙරි හාදුවට - WOW! හරිම ලස්සන සුභ පැතුමක්! බොහොම ස්තූතියි.

පිස්සා - බොහොම ස්තූතියි.

Bo said...

සුභ පැතුම් නංගී