February 1, 2009

සිතුවිල්ලක්



නුඹ අභියසදී මුව ගොලු වී යන
අරුමය කිමදැයි නොදනිමි තවමත්......!

දෙතොල් නොකීවද මට ඇති සෙනෙහස
නුඹේ සුසුම් එය පවසයි රහසින්.........!

5 comments:

Anonymous said...

නියමයි!!!
මේක තව ටිකක් ලියල ගත්තොත් සින්දුවකටත් හොදයි වගේ

බුද්ධික said...

කීමට දහසක් දේ හද තිබුනද
කෙසේ කියන්නද ලංවී සෙනෙහෙන්.......

පෙර දවසක ආදරෙන් බිඳුනු සිත
පවසයි යලි නොබැඳෙන ලෙස සෙනෙහෙන්...........

Travel Ceylon said...

කීවත් මේ ලෙස පෙර දිනයක මා
ඉතිරි උනේ මතකය පමණයි
තව හදකට මා කෙලෙස පුදන්නද
සෙනෙහස නැත ඉතිරිව මහදේ

malee_msg said...

ලස්සනයි..!

Naදී said...

වා වා වා හොල්මන්ද පොල් කොළ කිව්වලු.