December 10, 2008

මා මා වූ නිසා


මම මලක් වූවා නම් ඔබේ ගෙඋයනෙ පිපෙන්න තිබුනා.
මම සුළඟක් වූවා නම් ඔබේ හුස්ම හා වෙලෙන්න තිබුනා.
මම ‍වැස්සක් වූවා නම් ඔබේ ‍ගත පුරා ඇද හැලෙන්න තිබුනා.
ඒත් අද මා මා වූ නිසා මට මා වත් නැති වූ හැටි
මම මලක්වත් සුළඟක්වත් වැස්සක්වත් නොවී මා වූ නිසා
ඔබේ අනන්ත අප්‍රමාණ සෙනෙහසට පාත්‍ර වීමට තරම් පින් ඇත්තියක වූ හැටි.
මේ ජීවිතය පුරාවට මගේ නෙත් පියෙන තුරැ සත්තකයි මම නුඹේ.

December 7, 2008

Recovered

මීට අවුරැද්දකට විතර කලින් (බොහොම ප්‍රාථමික අවදියේ) මගේ අතින් කෙරැන නිර්මාණ කිහිපයක් මගේ පරිඝණකයේ අතරමං වෙලා තිබුන Folder එකක තිබිලා මට හම්බ උනා. ඕං බලන්ඩකෝ ඒ කාලේ මගේ වැඩ.









December 6, 2008

නුඹ ගිහින් දුර ඈත


සිතන්නේ ‍කෙළෙසකද
නුඹ ගිහින් බව ඈත
නෙත් පියන පමාවට
නුඹ ඇවිත් මගෙ හිතට
ඇස් රිදෙන තුරාවට
මග බලන් හිටියාට
නුඹ ආයෙ නොඑන වග
දන්නෙ නෑ හිත තාම

December 3, 2008

නොනිමි සෙනෙහසට තුති

මවකගේ ‍සෙනෙහස, පියෙකුගේ රැකවරණය, සොහොයුරෙකුගේ ලබැදියාව, මිතුරෙකුගේ දයාබරත්වය මේ සියල්ල කැටි කර තැනූ වස්තුවක් මෙලොවෙහි ඇත්නම් ඒ ඔබම මිස වෙන කිසිවෙකුත් නොවේ.
ඔබ මට මහා නුග වෘක්ෂයක් නම් මම
ඔබ සෙවනෙහි සුවසේ වැඩෙන පුංචි පැළෑටියක් වෙමී. දීප්තිමත් තරැ ලකුණක් වී ඔබ මා අහසේ පායනා තුරාවට මා යන මඟ පිළිබඳ මට කිසිඳු සැකයක් නැත.
ඔබ ‍දෙවියන් විසින්
මා වෙත එවන ලද දේව දූතයෙකු යැයි මා අදහමි. ඔබ මා වටා සැරිසරන තුරාවට මට ජීවිතය යනු මල් මිටියාවතකී. ඔබේ අත් වැල අල්ලාගෙන මම එහි රිසිසේ සැරි සරමී.