November 25, 2008

සුන්දර වැහි


මේ දවස් වල හරියට වැස්ස.නිල් අහසක් දකින්නත් අමාරැයි. වෙලාවකට සුන්දර වෙලාවකට අසුන්දර වැස්ස. සමහරු වැස්සට ආසයි කියනවා, වැස්සේ තෙමෙන්න ආසයි කියනවා, වැස්සේ තෙමි තෙමී ice cream කන්න ආසයි කියනවා. ඒත් ඒවා ක්‍රියාත්මක වෙනවා දකින්න නම් හරිම අමාරුයි. Hindi, Tamil films වල නම් ඔය කියපුවා හරි හරියට සිද්ද වෙනවානේ. ඒත් සාමාන්‍ය ජීවිතේදි මිනිස්සු වැස්සට කොච්චර නම් බයද?. යන්තම් වැහි ‍‍කෝඩයක් දැක්කත් බයේ හැංගෙනවා. හම්ම්............!. ඔය කිව්වට වැස්සේ තෙමෙන්න මාත් ටිකක් අකමැති(වැඩිය නෙමෙයි).

කතාවේ මම කැමතිම හරිය තියෙන්නේ වැස්සට තෙමුනට පස්සේ.
ටිකක් හිතන්න, වැස්සට හොඳ තෙත බරියං වෙලා ගෙදර ඇවිල්ලා, ආයෙත් සීත‍ල වතුරෙන් නාගෙන, ලොකු Sweater එකක් ඇඳගෙන, අතට පයට මේස් දාගෙන, උණුම උණු ‍තේ එකක් හදාගෙන ගේ ඉස්සරහ පුටුවට වෙලා වැස්ස දිහා බලන් ඉන්න. මේ මහා වැස්සට නේද මම තෙමුනෙ කියලා හිතෙන කොට මාරම ෂෝක්. දැන් පුටුවට ගුලි වෙලා ඉන්න හැටියි, ටිකකට කලින් වැස්සෙ සීතලේ ගැහි ගැහී හිටපු හැටියි මතක් වෙද්දි දැනෙන සහනය ඊටත් වඩා සුන්දරයි.
ගිය අ‍ගෝස්තුවට අව්වට කර වෙච්ච හැටි මතක් කරන්න, Office එකේ AC එක අංශක 16ටම අඩු කරපු හැටි මතක් කරන්න, ඔයාගේ ආසම මල් පැළේ අව්වේ සැරට මැරිලා ගිය හැටි මතක් කරන්න දන්නෙම නැතුව ඔයා වැස්සට ආදරේ ‍කරන්න පටන් ගනී‍වි. ඔයාටත් නොදැනීම ඔයාගේ හිත එළියට පැනලා වැස්සේල නටන්න පටන් ගනී‍වි. පෑයුවත් වැස්සත් අහසට දොස් කියන්නෙ නැතුව ඒ ඒ අවස්ථා වලට සතුටින් මුහුණ දෙන්න පුරැදු උනොත් ඦීවත් වෙන එක මීට වඩා පහසු වේවි, මීට වඩා සුන්දර වේවි. මට හිතෙන්නෙ නම් එහෙමයි.

3 comments:

jayantha colombage said...

ඔබ යමක් අපූර්ව විධියට දකින්න උත්සාහ කරන අයෙක් හැටියට මම හදුනාගන්නවා. මේ විනිවිද දැකීම ඔබව පරිපූර්ණත්වයට පත්කරාවි. ඔබේ උත්සාහය හරිම සාර්ථකයි. ඒ වගේම මම ඔබට සුභපතනවා දිගටම ලියන ලෙස. මගේ බ්ලොග් සටහන් වලිනුත් ජීවිතය කැබලි කැබලි වලට ගලවා බලන්න උත්සාහ කරන කෙනෙක් මම. ඔබට දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

Teena said...

අදහස් දක්වපු සියළු දෙනාටම බොහොමත්ම ස්තූතයි.

ආගන්තුකයා | Stranger said...

සිංහල බ්ලොග් පරපුරට අලුත් මුහුණක්.. කොළඹගේ සරුත් මේ පැත්තට ආපු එකේ මාත් නෑවිත් කොහොමද...? සුබ.......... ලියමු ලියමු....