November 24, 2008

මගේ හිත

මිනිස් සිත කියන්නෙ හරිම පුදුම දෙයක්. එක විනාඩියකට අ‍පේ හිත් වල ‍කොච්චර නම් සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවද?සුන්දර සිතුවිලි, අසුන්දර සිතුවිලි, අනිත් අයට කියන්න පුළුවන් දේවල්, කියන්න බැරි දේවල්, ඇස් වලට උනන සිතුවිලි, දෙතොලට සිනා ‍ගෙනෙන සිතුවිලි ඔය වගේ කොච්චර නම් දේවල් අපි හිතනවද? ඒ හැම සිතුවිල්ලක්ම ඇති වූ සැනින්ම නැතිවී යනවා. ඒත් අපට හිතෙන සුවි‍ශේෂී ‍ සිතුවිලි විතරක් එක් රැස් කරලා තියන්න පුළුවන්නම් මම හිතනවා ඒක හරිම සුන්දර වැඩක් වෙයි කියලා.

ඉතින් ඒ වගේ හිතුන සුවි‍ශේෂී ‍ සිතුවිල්ලක ප්‍රථිපලයක් විදියට මගේ සිතුවිලිත් මින් ඉදිරියට මෙසේ සනිටුහන් වේවි.

3 comments:

වන්නි said...

ෆා...
ගොඩාක් හොඳ උත්සහයක් ඔයා අරගෙන තියෙන්නේ... ඇත්තටම මට හරිම සංතෝෂයි... හැබැයි මම එක දෙයක් කියන්නම්... අමාරුම දේ බ්ලොග් පටන් ගන්න එක නෙමෙයි... එක නිරන්තරයෙන් යාවත්කාල කරනඑක... අනික සිංවලෙන් ලියන නිසා ව්‍යාකරණ අක්ෂර වින්‍යාසය ගැන සැලකිලි මත් වෙන්න ඕන... මම දන්නවා, ඔයාට හිතුවොත් දෙයක් කරන්න පුළුවන්... ඔයා දක්ෂයි... ඒ දක්ෂ කමින් ප්‍රයෝජන ගන්න... මම ඔයාට මුලු හදවතින්ම සුභ පතනවා මේ බ්ලොග් එක හොඳට කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා...

Harshana said...

ඇත්තටම හොද උත්සහයක්, දිගටම ලියන්න

Anonymous said...

හැබැම ලස්සන ආරම්භයක් වගේම ලස්සන සටහනක්. දිගටම ලියන්න. සුභ පැතුම්. :)