February 15, 2011

රිමෝට් කන්ට්‍රෝලර්


මගේ ජීවිත remote කොන්ට්‍රෝලය
කොහිද දෙවියනි දෙන්න එය මට
ඕනෑ කර ඇත නැවත rewind කර
බලන්නට ජීවිතේ ගෙවුනු රස තැන්..
නැතහොත් forward කර නැවතිය හැක
අඳුරු අවිනිශ්චිත අනාගතයට..
හැකිද chapter select කර මට
කැමති chapterය ගෙන Play කරන්න..
නැතිනම් හෙට උදා නොවන්නට
Pause බටනය ඔබා ඉන්නට..
කිසිත් ඕනෑ නොමැත මාහට
සොයා ගතිමි නම් Stop බටනය
ඔබා එකවර, Battery ගලවා
රිමෝටය විසිකරන්නෙමි ඉවතට..