February 15, 2011

රිමෝට් කන්ට්‍රෝලර්


මගේ ජීවිත remote කොන්ට්‍රෝලය
කොහිද දෙවියනි දෙන්න එය මට
ඕනෑ කර ඇත නැවත rewind කර
බලන්නට ජීවිතේ ගෙවුනු රස තැන්..
නැතහොත් forward කර නැවතිය හැක
අඳුරු අවිනිශ්චිත අනාගතයට..
හැකිද chapter select කර මට
කැමති chapterය ගෙන Play කරන්න..
නැතිනම් හෙට උදා නොවන්නට
Pause බටනය ඔබා ඉන්නට..
කිසිත් ඕනෑ නොමැත මාහට
සොයා ගතිමි නම් Stop බටනය
ඔබා එකවර, Battery ගලවා
රිමෝටය විසිකරන්නෙමි ඉවතට..

6 comments:

සෝරෝ said...

සිරා සිංග්ලිෂ් නිසඳැසක්... ලස්සනයි..

ජය වේවා..!!

Pasan said...

හම්බ උනොත් මටත් සුට්ටක් දියන් ඔය රිමෝටය..පෝස් බොත්තම ඔබන්න ඕනි ටිකකට....:-D

said...

මම නම් ෆාස්ට් ෆෝවර්ඩ් දාලා ඉක්මනට ඉවර කරලා දානවා :-D

පන්සල් හංදිය said...

මාර අදහසක්නෙ නියමෙට ගලපලා තියනවා .......

Anonymous said...

මෙන්න ඔය රිමොට් එක ලැබුනාම වෙන දේවල් :P
http://www.imdb.com/title/tt0389860/

තොටියා said...

මරු අදහස.... දැන් බලන් ගියාම සයිබර් නිම්නයේ තව අයත් ඉදල තියනවනෙ...