July 9, 2010

නවත්ත ගනින් ඔය චුරුචුරුව…!

Tear in eye
නෙත් කෙවෙනි අග දිලෙන
පොඩි කඳුළු බින්දුවේ......
වැටෙන්නට නම් එපා....
තව ටිකක් ඉවසපන්......
ඉස්සර තරම් නුඹව දැන් ඔහුට අගේ නෑ........
නූඹ කොතෙක් ගැලූවත් දැන් ඔහුට වගක් නෑ..
"නවත්තා ගනින් දැන්ම උඹේ ඔය චුරු චුරුව"
කියන්නට ඉඩ නොදී, අනේ නුඹ සිඳීයන්....!

17 comments:

Shadow/හේමලයා said...

නෙතඟින් ගලනා
එක බිඳු කඳුලෙක
රැඳිලා ඇත
දසක් පැතුමන්.........
හිනා මලේ ලස්සන
නැති හන්දද......
අගේ නැත්තේ
උණුහුම් කඳුලැල්.......

said...

හැම කෙල්ලෙක්ම එක වගේ චුරු චුරුව දාගත්ත ගමන් :-D

චමිදේවා said...

පනින්නට දඟලන
ඔය කඳුලු කැට
හිරනොකරන් කිසිදින...

හිරවූ දුක් කඳුලැල්
ගැලූ විට නෙත් අගින්
දැනේවි පොඩි සහනයක්...

Jay said...

ෆා.., මගේ හිතමද මන්දා මෙතන අකුරු කරලා තියෙන්නෙ කියලා මොහොතකට හිතුණා..

පිස්සා පලාමල්ල said...

කාට අගේ නැති උනත්... වැටෙන්න දියන් කඳුලට... ඒ කඳුල නුබේ දුක නිවාවි.. තනියට ලඟ ඉදන්.

තිස්ස දොඩන්ගොඩ said...

මටනම්..."ඇගේ කඳුලැලි මා සිතේ... නිබඳ පදවැල් ඇඳේ..." මාව මෙලෙක් කරන කඳුලු වලට මම හරිම ආදරෙයි....

Teena said...

@Shadow/හේමලයා -
දහසක් පැතුමන් නැතිමුත්
රැඳිලා ඇත එක් පැතුමක්
ඉටු නොවෙනා ඒ පැතුමට
නැඟුනා එක් කඳුළු බිදක්

@ම -
ඔන්න කිව්වා කතාවක්.. ගර්ර්ර්ර්ර!!

@චමිදේවා -
නෙතින් පනින කඳුළු බින්දු
ගෙනෙවි ඒ හිතට බරක්..
ඒ හින්දා මම හිටියා
කඳුළු බින්දු සිඳී යනකල්

@Ansh Lucky Sri Jay
හ්ම්.. බහුතරයක් ගෑණු ළමයිට පොදු දෙයක් වෙන්නැති.. ඒත් මොනවා කරන්නද නේද?

@පිස්සා පලාමල්ල
ඒක ඇත්ත... දුක නිවන එකම හිතවතා කඳුල තමා..

@තිස්ස දොඩන්ගොඩ
හරිම අගෙයි.. සමහර වෙලාවකට කඳුල පිරිමි අයට සුන්දර තර්ජනයක් නේද?

තිස්ස දොඩන්ගොඩ said...

සහතික ඇත්ත... සද්දන්ත ඇත්තු කඳුලු ලඟදි බිම....

Naදී said...

දයාබර ෆා,

අහසත් අඬයි
කලුවර අඳුර නැතිවෙන්න
ගැහැණුත් අඬයි
බිඳුනම හිත හැදෙන්න
කඳුලුත් ගලයි
කොච්චර වත් නොදැනෙන්න
ඉඩ දෙන්නෙපා
ඔය හිත දුර්වල වෙන්න

වන්නි said...

ගලන ගලන කඳුල බිමට වැටීයන්
වැටෙන වැටෙන කඳුල පොළවෙ සිඳීයන්
සිඳෙන කඳුල ගානේ සහනෙ දැනීයන්
ආයේ අඬන්නට දේවල් නොවීයන්

මේ සෙත් කවිය ගායනා කරන ලද්දේ
කුෂාන් ඇස්. වන්නිආරච්චි වන මා විසිනි ;)

වන්නි said...

@ ම-- හම් හම් දෙයාර් ඊස් අ ට්‍රෘත් ඉන් වට් යූ සෙඩ් ;)

පසන් Sid said...

හරිම අගෙයි... :)

P. Wijekoon said...

කඳුළු කැට හරි අගෙයි
නිකරුනේ නොහෙලන්න
සිනාවක් උඩට ගෙන
ඔය කඳුළු හංගන්න
මැණික්(සුළඟ)

P. Wijekoon said...

කඳුළු කැට හරි අගෙයි
නිකරුනේ නොහෙලන්න
සිනාවක් උඩට ගෙන
ඔය කඳුළු හංගන්න
මැණික්(සුළඟ)

Teena said...

@Naදී
හ්ම්.. ට්‍රයි කරනෝ..අඬන බබෙක් නොවී ඉන්න..
ඒත් ඉතිං______ ළඟදි දුර්වල නොවෙන හිත් ඇත්ද

@කුෂාන් ඇස්. වන්නිආරච්චි
ගලන ගලන කඳුළ ගානේ සිනා පොකුරු දුන්නේ කවුද
වැටෙන වැටෙන කඳුල ගානේ සෙනෙහෙ සිතින් පිසුවේ කවුද
සිඳෙන සිඳෙන කඳුල ගානේ සිතට සහනෙ දුන්නේ කවුද
ආයේ නාඬා ඉන්න මාව ෂොපින් එක්ක යන්නේ කවුද

@පසන් තරිඳු
තැන්කූ මල්ලි..!

@මැණික්
වැස්සකට පසු නැඟෙන හිරු එළය වාගෙමයි
කඳුල මැකිලා නැඟුන සිනහවත් හරි අගෙයි..
ස්තූතියි මැණික්..!

වන්නි said...

ගලන කඳුල ගානේ සිනා දෙන එක නම් මහ වැඩක්ද?
වැටෙන කඳුල සෙනෙහෙ සිතින් පිහදාලන එක වැඩක්ද?
සි‍‍ඳෙන කඳුල ගානෙ හිතට සහනෙ දෙන එකත් වැඩක්ද?
පඩිය ඉතුරුනං බොලාගේ ෂොපින් යන් එකත් වැඩක්ද? :D

(යුශ්මතී අත යහමින් මුදල් ගැවසේ නම් ෂොපින් යෑම සඳහා අවශ්‍ය ප්‍රවාහන සේවා නොමිලේ සැපයෙන බැව් මහත් වූ ප්‍රීතියෙන් පවසා සිටිමි ;)

තක්ෂිල said...

කදුලින් උපන් ඔබ...
හැම විටම කදුළු පුරවා ගෙන
දෙනෙතේ කී කතාවක..
ඇහුණා හිමිහිට..
චුරුචුරුව නැමති එය
රැව් දෙයි තාම
හිමි හිට..........