November 27, 2008

හිත නිවන පැය

දවසේ පැ‍ය විසිහතරෙන් මම ආසම පැ‍ය වැඩ ඇරිලා ගෙදර යන්න ගත වෙන පැ‍ය.බොහොම නිස්කලංකව හිමින් සීරැවේ බස් ස්ටෑන්ඩ් එක ‍වෙනකල් ඇවිදගෙන එන පුංචි දුරට මම හරිම කැමති. තුනී කළුවර මැදින් එන සීතල හුළඟත් එක්ක ඇවිදන් යද්දි මහන්සියක් දැනෙන්නෙම නැති තරම්. හැමදාම වගේ St. Marks Church එකේ ඝණ්ඨාරෙ ගහන්නේ මේ වෙලාවට. ඒ වෙද්දි මම ඉන්නෙ soldier round about එක ගාව. බදුල්ල town එකේ මම කැමතිම තැනක්. ඝණ්ඨාරෙ සද්දෙටයි, ඒ තියෙන වට පිටාවටයි හිතට එන්නෙ පුංචි දුකක් එකතු වෙච්ච පාළු හැඟීමක්.වටේට කොච්චර සෙනඟ හිටියත් මාව විතරක් තනි වෙලා කියලා හිතෙනවා.ඒත් ඒ සිතුවිල්ලට යටින් දැනෙන අමුතුම සන්සුන් ගතියට මං ගොඩාක් කැමතී. ඒ හින්දමද කොහෙද Church එකේ ඝණ්ඨාරෙ සද්දෙ මට හීනෙනුත් ඇහිලා තියෙනවා.

ජීවිතේ හරිම ඒකාකාරියි. ඒත් ඒ ඒකාකාරිත්වය තුළිනුත් හරිම ලස්සනට ගෙවෙන හෝරාවන් තියෙනවා. හොඳට මතක් කරොත් ඒ මොහොත හොයා ගන්න අමාරැ වෙන එකක් නැහැ. දවසේ පැ‍ය විසිහතරෙන් මම හොයා ගන්ත මේ පැ‍ය මම දකින්නෙ හරිම ඒකාකාරි ඒත් හරිම සුන්දර පැයක් විදියට.


November 25, 2008

සුන්දර වැහි


මේ දවස් වල හරියට වැස්ස.නිල් අහසක් දකින්නත් අමාරැයි. වෙලාවකට සුන්දර වෙලාවකට අසුන්දර වැස්ස. සමහරු වැස්සට ආසයි කියනවා, වැස්සේ තෙමෙන්න ආසයි කියනවා, වැස්සේ තෙමි තෙමී ice cream කන්න ආසයි කියනවා. ඒත් ඒවා ක්‍රියාත්මක වෙනවා දකින්න නම් හරිම අමාරුයි. Hindi, Tamil films වල නම් ඔය කියපුවා හරි හරියට සිද්ද වෙනවානේ. ඒත් සාමාන්‍ය ජීවිතේදි මිනිස්සු වැස්සට කොච්චර නම් බයද?. යන්තම් වැහි ‍‍කෝඩයක් දැක්කත් බයේ හැංගෙනවා. හම්ම්............!. ඔය කිව්වට වැස්සේ තෙමෙන්න මාත් ටිකක් අකමැති(වැඩිය නෙමෙයි).

කතාවේ මම කැමතිම හරිය තියෙන්නේ වැස්සට තෙමුනට පස්සේ.
ටිකක් හිතන්න, වැස්සට හොඳ තෙත බරියං වෙලා ගෙදර ඇවිල්ලා, ආයෙත් සීත‍ල වතුරෙන් නාගෙන, ලොකු Sweater එකක් ඇඳගෙන, අතට පයට මේස් දාගෙන, උණුම උණු ‍තේ එකක් හදාගෙන ගේ ඉස්සරහ පුටුවට වෙලා වැස්ස දිහා බලන් ඉන්න. මේ මහා වැස්සට නේද මම තෙමුනෙ කියලා හිතෙන කොට මාරම ෂෝක්. දැන් පුටුවට ගුලි වෙලා ඉන්න හැටියි, ටිකකට කලින් වැස්සෙ සීතලේ ගැහි ගැහී හිටපු හැටියි මතක් වෙද්දි දැනෙන සහනය ඊටත් වඩා සුන්දරයි.
ගිය අ‍ගෝස්තුවට අව්වට කර වෙච්ච හැටි මතක් කරන්න, Office එකේ AC එක අංශක 16ටම අඩු කරපු හැටි මතක් කරන්න, ඔයාගේ ආසම මල් පැළේ අව්වේ සැරට මැරිලා ගිය හැටි මතක් කරන්න දන්නෙම නැතුව ඔයා වැස්සට ආදරේ ‍කරන්න පටන් ගනී‍වි. ඔයාටත් නොදැනීම ඔයාගේ හිත එළියට පැනලා වැස්සේල නටන්න පටන් ගනී‍වි. පෑයුවත් වැස්සත් අහසට දොස් කියන්නෙ නැතුව ඒ ඒ අවස්ථා වලට සතුටින් මුහුණ දෙන්න පුරැදු උනොත් ඦීවත් වෙන එක මීට වඩා පහසු වේවි, මීට වඩා සුන්දර වේවි. මට හිතෙන්නෙ නම් එහෙමයි.

November 24, 2008

මගේ හිත

මිනිස් සිත කියන්නෙ හරිම පුදුම දෙයක්. එක විනාඩියකට අ‍පේ හිත් වල ‍කොච්චර නම් සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවද?සුන්දර සිතුවිලි, අසුන්දර සිතුවිලි, අනිත් අයට කියන්න පුළුවන් දේවල්, කියන්න බැරි දේවල්, ඇස් වලට උනන සිතුවිලි, දෙතොලට සිනා ‍ගෙනෙන සිතුවිලි ඔය වගේ කොච්චර නම් දේවල් අපි හිතනවද? ඒ හැම සිතුවිල්ලක්ම ඇති වූ සැනින්ම නැතිවී යනවා. ඒත් අපට හිතෙන සුවි‍ශේෂී ‍ සිතුවිලි විතරක් එක් රැස් කරලා තියන්න පුළුවන්නම් මම හිතනවා ඒක හරිම සුන්දර වැඩක් වෙයි කියලා.

ඉතින් ඒ වගේ හිතුන සුවි‍ශේෂී ‍ සිතුවිල්ලක ප්‍රථිපලයක් විදියට මගේ සිතුවිලිත් මින් ඉදිරියට මෙසේ සනිටුහන් වේවි.