දවසේ පැය විසිහතරෙන් මම ආසම පැය වැඩ ඇරිලා ගෙදර යන්න ගත වෙන පැය.බොහොම නිස්කලංකව හිමින් සීරැවේ බස් ස්ටෑන්ඩ් එක වෙනකල් ඇවිදගෙන එන පුංචි දුරට මම හරිම කැමති. තුනී කළුවර මැදින් එන සීතල හුළඟත් එක්ක ඇවිදන් යද්දි මහන්සියක් දැනෙන්නෙම නැති තරම්. හැමදාම වගේ St. Marks Church එකේ ඝණ්ඨාරෙ ගහන්නේ මේ වෙලාවට. ඒ වෙද්දි මම ඉන්නෙ soldier round about එක ගාව. බදුල්ල town එකේ මම කැමතිම තැනක්. ඝණ්ඨාරෙ සද්දෙටයි, ඒ තියෙන වට පිටාවටයි හිතට එන්නෙ පුංචි දුකක් එකතු වෙච්ච පාළු හැඟීමක්.වටේට කොච්චර සෙනඟ හිටියත් මාව විතරක් තනි වෙලා කියලා හිතෙනවා.ඒත් ඒ සිතුවිල්ලට යටින් දැනෙන අමුතුම සන්සුන් ගතියට මං ගොඩාක් කැමතී. ඒ හින්දමද කොහෙද Church එකේ ඝණ්ඨාරෙ සද්දෙ මට හීනෙනුත් ඇහිලා තියෙනවා.
ජීවිතේ හරිම ඒකාකාරියි. ඒත් ඒ ඒකාකාරිත්වය තුළිනුත් හරිම ලස්සනට ගෙවෙන හෝරාවන් තියෙනවා. හොඳට මතක් කරොත් ඒ මොහොත හොයා ගන්න අමාරැ වෙන එකක් නැහැ. දවසේ පැය විසිහතරෙන් මම හොයා ගන්ත මේ පැය මම දකින්නෙ හරිම ඒකාකාරි ඒත් හරිම සුන්දර පැයක් විදියට.